ජේසු සමිඳුන්ගේ විමුක්තිදායක ක්‍රියාවලිය වන දුක් විඳීම, මරණය සහ උත්ථානය නම් වූ තෙවැදෑරුම් පාස්කු අභිරහස උත්කර්ෂවත් අන්දමින් හා ඉමහත් ගැඹුරින් ‘‘පරිස්මරණය’’ කරන්නට, එනම් එහි අරුත අද දවසේ නැවත ජීවත් කරවන්නට වෙර දරණ කාලයයි.
"විමුක්තියේ ජේසු"
(භාවානාත්මක පාස්කු රංගනය)
ජා-ඇළ, කණුවන, ශු.ජුසේ මුණී දේවස්ථානයේ මීසම්භාර පියතුමා වන ගරු ලෙස්ටර් නොනිස් පියතුමා අතුලු මිසම් ජනතාව සංවිධානය කරන "විමුක්තියේ ජේසු" නැමැති සාම්ප්‍රදායික ඓතිහාසික පාස්කු නාට්‍යය අප්‍රෙල් මස 13 වන ඉරුදින සවස 7.00 ට දේවස්ථාන එළිමහන් වේදිකාවේදී රංගගත කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇති බව සතුටින් දන්වා සිටිමු.
ප්‍රවීණ කලා ශිල්පි රිචඞ් මානමුදලිගේ රචනයෙන් හා නිර්මාණනීය අධ්‍යක්ෂණයෙන් සැදුම් ලත් මෙම සම්ප්‍රදායික ආගමික සංස්කෘතිකතාවය කතෝලික ජනසන්නිවේදන කමිටුවේ අනුමැතිය ලැබ, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පැසසුමට ලක් වු නිර්මාණයකි.
250 ක පමණ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගේ රංගන දායකත්වය මෙම පාස්කු නාට්‍යය සඳහා යොදා ගන්නා අතර ප්‍රවීණ නාට්‍යය, ටෙලි නාට්‍යය ශිල්පීන් කිහිප දෙනෙකු ද මෙයට දායක වනු ඇත. ජේසු තුමන්ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වනුයේ ප්රවිණ රංගන ශිල්පී සංජීව උපේන්ද්‍ර මහතාය.
පුරා පැය 1 යි විනාඩි 25 පමණ කාලයක් පුරාවට එළිමහන් වේදිකාවක් තුළ අඛණ්ඩ ලෙස රංගනය වන මෙම පාස්කු රංගය සාම්ප්‍රාදායික පසන් ගැයුම් ද ඇතුළත් සංගීතමය ආරක් රැගත්, නූතන තාක්ෂණ ක්‍රමවේදයන්ද ඇතුළත්ව නිමවා ඇති බව සතුටින් දන්වා සිටිමු.
7000 ක පමණ ප්‍රෙක්ෂක ප්‍රමාණයක් මෙය නැරඹීම සඳහා පැමිණෙන බව අපේ විශ්වාසයයි. මෙවර පාස්කු දිනය නිමිත්තෙන් ලක්වාසී ජනතාවට මෙම රංගය දැක බලා ගැනීමේ අවකාශය සලසා දීම අපගේ බලාපොරොත්තුවයි.
සම්ප්රදාය ගුරුකොට සම්ප්ර්රදාය මුසු කර වේදිකා ගත වන්නට නියමිත මෙම පාස්කු දැක්මද ජා-ඇළ, කණුවන, ශු.ජුසේ මුණී දේවස්ථානයේ මීසම් ජනතාවට අලූත් අත්දැකිමක් වනු ඇත. පාස්කු සංස්කෘතියට අලූත් කඩඉමක් වනු ඇත. එහි ගුණ අගුණ කථා කිරිම පාස්කුවට ආදරය කරන කාගෙත් වගකිම වනු ඇත.

No comments:
Post a Comment