Friday, April 4, 2014

දෙවිමව් අමතක කරන ක‍්‍රිස්තියානි ආගමක් මිහිපිට තිබේද?


මරියතුමිය

කතෝලික අපි ක‍්‍රිස්තු ලබ්ධිකයෝය. ක‍්‍රිස්තියානි ආගම ක‍්‍රිස්තුස් වහන්සේගෙන් පසුව පැවත එන්නකි. එම නිසා ලෝක පාලනය කරන දෙවියන් වහන්සේගේ අභිමතය ක‍්‍රිස්තුස්වහන්සේ හරහා අපට දුන්න පණිවිඩය හා ගැලවිමේ ක‍්‍රමවේදය අප තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. ඉතින්, ක‍්‍රිස්තුස් වහන්සේ මෙලොවට ආවේ ශුද්ධවූ පවුල තුලිනි. මරියතුමිය හා ජුසේ තුමා එම පවුලේ ප‍්‍රධාන චරිතවේ. දෙවියන්වහන්සේ ශුද්ධ වූ පවුල හරහා අපිට ගැලවිමේ මාර්ගය හඳුන්වාදුන් සේක.


ඔබ, වතුර වයින් කිරිමේ ප‍්‍රතිහාර්ය ඉගෙනගෙන තිබේ. ජේසුතුමා සිටියදි මරියතුමිය පමණක් මගුල් ගෙදර වයින් නැති බව දැනගත්තේ ඇයි? (මාගේ පැය පැමිණ නැත). එහිදි එතුමිය විශේෂයෙන් අනිත් අය ගැන සැලකිලිමත් වන නිසා හා මැදහත් වන නිසා, ඒක තමයි දේව අභිප‍්‍රාය, මේ කරණු තුලින් අප වටහාගත යුත්තේ මරිිිියතුමිය මගින් විවිධ අවස්ථාවන් වලදි දේව අභිමතය බව අපි දන්නවා. දස පණතට අනුව ජීවිතය හැඩගැස්විය යුතු බව, දස පනතට පිටින් යන කාරණා බොහොමයක් අපේ ජීවිතයේදී හමුවෙනවා. උදා. ‘‘මම අරයට බැන්නා’’ ‘‘එයා මම හිතන විධියට නෙමේ කරන්නේ’’ . අපේ හිතේ ආමාරු වැඩිවෙනවා, හැබැයි අපි හරිද වැරදිද කියලා අපම දන්නෙ නෑ. ඒ වගේ අවස්ථාවලදි අපේ කතෝලික ආගමේ ක‍්‍රමවේදය ප‍්‍රශ්න දෙව්මවට භාරදි, අපි අනිත්නෙකා සමඟ තරග නොවි, දෙවිමව් තුලින් දෙවියන් වහන්සේ අපට දෙන තීරණය භාර ගැනීමයි.





ජේසුතුමා, දෙව්මව්ට ‘‘ස්ත‍්‍රිය’’ ක‍්‍රියා අමතනවා, කුරුස ගස පාමුලදී ඇයි? ජේසුතුමා තමාගේ කාර්යය කර, ඒ තුලින් ශුද්ධ වූ සභාව දේවමෑණියන්ට භාර දීමයි. දෙව්මව්ට අපිව භාර නිසා තමයි, ලෝකයේ හුගාක් තැන්වල දෙව්මව් අපට දර්ශනය වී, එක එක පණිවිඩ ලබාදෙන්නේ, පසුගිය අවුරුදු 200 ඇතුළ අපට මතකයි. 


- ශු. කැතරින් තුමිය දර්ශනය වී, පුදුම පදක්කම අප හට දානය කිරිමේ සිද්ධිය, 
- ලූර්දු වල දර්ශනය වී අපට මනස්ථාපනය වන්න කීම. පාතිමා වල දර්ශනය වී, ජපමාලය ගැන       කිමේ සිද්ධිය යන ප‍්‍රධාන කරුනු අදත්, ඒ දර්ශනය වුවන්ගේ සමහර ශරිර නොදිරා තිබේ. සියැසින් බලාගන්න පුලූවන්, 
-ප‍්‍රංශයේ පැරිස් වල ශු. කැතරින් හා නොවෙයා වල ශු. බර්නදෙත් තුමියගේ සිරුරුද ඒ අතර තිබේ. 




එබැවින් ඔබත් දෙව්මව්ට බැතිසිතින් යාච්ඤා කළොත්, දෙවියන්වහන්සේ මේවා දැක බලා ගන්නට අවශ්‍යව කටයුතු සලසාදෙනු ඇත.

රංජන් ද මෙල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි)

No comments:

Post a Comment