දීව්‍ය සත්ප්‍රසාදයේ මාතාව.......Lead us to Christ, O Mary Our Mother.....
Tuesday, December 17, 2013
මරිය තුමිය රැජිනි වන තැන....ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රජකම් කරන සේක.
"ජපමාලය” වචනයට ඉංග්‍රිසි භාෂාවෙන් භාවිතා කරන ”රෝසරි” යන වචනයෙන් අදහස් කරන්නේ, රෝස මල් ඔටුන්නක් යන්නයි. "නමෝ මරියනි” යාච්ඤාව කියන සෑම විටම, ඔවුන් විසින් මරියෝත්තමාවන්ට, අලංකාර රෝස මලක් පුද කරන බවද, සම්පූර්ණ ජපමාලයක් යාච්ඤා කරන සෑම විටම, රෝස මල් ඔටුන්නක් තොමෝට පුද කරන බවද, මරියතුමිය විසින් නොයෙක් පුද්ගලයන්ට අනාවරණය කර ඇත.
ශු. ජපමාල යාච්ඤාව තුළ, අපගේ ගැලවීමේ ප්‍රබල කථා මාලාව අන්තර්ගත වී ඇති නිසා, එය අංග සම්පූර්ණ යාච්ඤාවක් ලෙස සැලකේ. මරියතුමිය සමග එකමුතු වී ඔබ යාච්ඤා කරන විට, හදවත් වෙනස් වීම හා සිත් හැරීම වැනි උතුම් තෑගි, ඔබට
ලබා ගත හැකිය.
මරියතුමිගේ හා ශු. ජපමාලයේ වැදගත්කම
හැඳින්වීම
කතෝලික සභාවේ වන්දනා ක්‍රියාවන් බොහෝ ඇත. දිව්‍ය පූජාවෙන් ආරම්භ කර, ගෙලේ හෝ අතේ පළඳින කුරුසියක්, බොරලික්කමක් හෝ වාහනයක ඉදිරිපස එල්ලන ජපමාලයක් හෝ සවිකර ඇති කුඩා ප්‍රතිමාවක් හෝ දක්වා මේ ක්‍රියාවන් විහිදේ. මේ අනුව, සමහර වන්දනා ක්‍රියාවන් දේව වන්දනා (ජන වන්දනා) ක්‍රියා ලෙසද, අනෙක් ක්‍රියාවන් පොදුවේ භක්ති අභ්‍යාස ලෙසද, නම් කෙරේ.
යම් වන්දනා ක්‍රියාවක්, දේව වන්දනාවක් ලෙස නම් කිරීම සඳහා
සලකා බලන ප්රමිතීන් තුනක් තිබේ. එනම් :-
1. එම ක්‍රියාව ක්‍රිස්තුන් වහන්සේගේ මුළු පාස්කු අභිරහසේම සැමරුමක් විය යුතුය.
2. එම සමස්ත කතෝලික සභාවේම සිදුකරන වන්දනා ක්‍රියාවක් විය යුතුය.
3. ඊට ශුද්ධාසනයේ නිල අනුමැතිය ලැබී තිබිය යුතුය.
මේ අනුව වර්ගීකරණය කරන විට, දිව්‍ය පූජාව,දේව ප්‍රසාද නිධාන, යාම යැදුම, දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය යන දේව වන්දනා වලට පසුව, ඉහළම තැන ලැබෙන්නේ ශු.ජපමාල යාච්ඤාවටය. කතෝලික සභාවේ ඇති අනිකුත් විවිධාකාර භක්ති අභ්‍යාසයන්, එනම්, පාදනමස්කාරය, ශු.පැය, නුවාන, සුව මෙහෙයන්. කැරොල් ගායනා, යනාදිය වටිනාකම අනුව ශු. ජපමාලය උච්චාරණයට වඩා පහතින් වර්ගීකරණය වේ.
මීට හේතුව වන්නේ, අභිරහස් මෙනෙහි කරමින් ජපමාලය යාච්ඤා කරන විට, ජේසුස් වහන්සේගේ මුළු පාස්කු අභිරහසම, මෙනෙහි කරන නිසාද, සමස්ත කතෝලික සහාවේම සිදුකරන වන්දනා ක්‍රියාවක්ද නිසාය. ජපමාල යාච්ඤාව, පාප් වහන්සේලාගේ ඉහළම පැසසුමට ලක්වී ඇත.
ශු. ජපමාලයේ අඩංගු යාච්ඤාව
ශු. ජපමාලයේ අඩංගු වී තිබෙන සියළුම යාච්ඤා, දෙවිපියාණන් වහන් සේ ද , දෙවිපුත්රයාණන් වහන්සේද ,ශුද්ධාත්මයාණන් වහන්සේද විසින් සම්පාදනය කර ඇත. "විශ්වාස ලක්ෂණය" යාච්ඤාවෙන්, සභාව ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවන ලදුව කතෝලිකයන් ලෙස අප විසින් විශ්වාස කළ යුතු කරුණු 8 ක්, උච්චාරණය කරමු.
ජපමාලය පංති අතර උච්චාරණය කරන ”පිතා, පුත්‍රයා” යාච්ඤාව, ජේසුස් වහන්සේ ඉපදුනු අවස්ථාවේදී, දෙවි පියාණන් වහන්සේ විසින්, දේවදුතයන්ට ගැයීමට යොමු කළ යාච්ඤාවයි . එසේම මෙය ශු.ත්‍රිත්වයටම කෙරෙන යාච්ඤාවයි. (ලූක් 2 : 14)
"ස්වර්ගයේ වැඩ සිටින” යාච්ඤාව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින්ම, ඉගැන්වූ යාච්ඤාවයි. (මතෙව් 6 : 9 - 13)
"නමෝ මරිය” යාච්ඤාවේ පළමු කොටස සමන්විත වන්නේ,
දෙවිපියාණන් වහන්සේ විසින්, ගාබි්රයෙල් දේව දුතයා තුළින්,
මරිය තුමියට කථා කළ වචනයි. "විපුල ප්‍රසාද ලත් උත්තමිය,ඔබට මංගල වේ. ස්වාමින් වහන්සේ ඔබ සමගය” (ලූක් 1 : 28) මරියතු මිය, එළිසබෙත් තුමියව බැහැදැකීමට ගිය අවස්ථාවේදී, ප්‍රකාශ වුන වචන, බයිබලයේ මෙසේ සඳහන් වේ.
එළිසබෙත් ශුද්ධාත්මයානන්ගෙන් පූර්ණව, මහ හඬින් උදන්
අනමින්, "ඔබ වනිතාවන් අතරින් අතිශයින් ආශිර්වාද ලද්දීය.
ඔබ කුස ඔත් දරු ඵලය (ජේසුස්) ආශිර්වාද ලද්දේය” (ලූක් 1 :
41, 42)
ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මෙහෙයවනු ලද ශු. සභාව, පහත සඳහන් වචන එකතු කරන ලදී. ”ශාන්ත මරියනී, දේව මෑණීයනී, පාපීවු අප උදෙසා, දැනුත්, අපේ මරණ වේලෙදීත්, යාච්ඤා කළ මැනවි.” මේ යාච්ඤාව, මරියතුමියගේ මැදිහත්කම තුළින් දෙවිපියාණන් වහන්සේට කරන යැදුමකි. ලූක් 1 : 35 වගන්තියේ මෙසේ සඳහන් වේ. දේව දුතයා ඈට උත්තර දෙමින් "ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක. පරමෝත්තමයාණන්ගේ අනුභාවයද, ඔබ වසාගන්නේ ය. එහෙයි න් උපදින පරිශු ද් ධ දරුවා, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක....” මරියතුමිය ශු. ත්‍රිත්වයේ පළමුව ජීවමාන වාසස්ථානය බව, මේ වචන තුළින් අනාවරණය වේ.
එසේම පළමු වරට දෙවි පියාණන් වහන්සේ විසින් පුත්‍රවන දෙවියන්වහන්සේව (ජේසුස් වහන්සේව) තැබුවේ මරියතුමියගේ
කුසෙහිය. එම නිසා, මරියතුමිය ලොව පළමුම දිව්‍ය සත්ප්‍රසාද
කරඬුවද, වන සේක. දේව පුත්‍රයාණන් වහන්සේව, පළමු වතාවට
තම පරිශුද්ධ හා නිර්මල දෝතින්, රඳවා ගත් තැනැත්තීද,
මරියතුමියයි. එම නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගෞරව
නමස්කාර කිරීමට තැබූ, පළමු අල්තාරයද, මරියතුමියයි. මෙහිදී
දේව දුතයන්ද, එඬේරුන්ද, රජතුන් කට්ටුවද, ජේසුස් වහන්සේට
වන්දනා නමස්කාර කළෝය.
දේව මාළිගාවේ, දෙවිපියාණන් වහන්සේට, ජේසුස් ක්‍රිස්තුස්
වහන්සේව මිනිස් සංහතියේ ගැලවීම උදෙසා, පූජා කරන්නට
ගියෙත්, මරියතුමියයි.
”විශ්වාස ලක්ෂණය” ට පසුව උච්චාරණය කරන "නමෝ මරිය”
යාච්ඤා තුන, මරියතුමිය හා ශු.ත්‍රිත්වය අතර තිබෙන
සම්බන්ධතාවය මෙනෙහි කර උච්චාරණය කළ හැක.
පළමු ”නමෝ මරිය” - මරියතුමිය, දෙවිපියාණන් වහන්සේගේ
ආදරණීය දියණියයි.
දෙවැනි ”නමෝ මරිය” - මරියතුමිය, පුත්‍රවන දෙවියන්
වහන්සේගේ ආදරණීය මෑණීයන්ය.
තෙවැනි ”නමෝ මරිය” - මරියතුමිය, ශුද්ධාත්මයාණන්
වහන්සේගේ ප්‍රිය කාන්තාවයි’
ඉතින්, ඉහත සඳහන් කරුණුවලට අවධානය යොමු වෙමින්
”නමෝ මරියනි” යාච්ඤාව උච්චාරණය කරන විට, ”නමෝ
මරියනි” යාච්ඤාව මරියතුමියට කරන යාච්ඤාවක් මෙන්ම, ශු. ත්‍රිත්වයට කරන හා දිව්‍ය සත්ප්‍රසාදිය යාච්ඤාවක්ද වේ. එම නිසා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට, කළ හැකි ඉතා ඔබින යාච්ඤාවක් නම්, "නමෝ මරියනි” යාච්ඤාවයි.
අප දෙවියන් වහන්සේව මුණ ගැසෙන්නේ යාච්ඤාව තුළින්ය. දිව්‍ය පූජා යාගයට දිනපතා සහභාගී වී, දෙවියන් වහන්සේ මුණ ගැසීමට, බොහෝ දෙනෙකුට නුපුළුවන. නමුත් දිනපතා අභිරහසක් මෙනෙහි කරමින් ශු. ජපමාලය යාච්ඤා කිරීමෙන්, ඕනෑම කෙනෙකුට, ඕනෑම මොහොතක, දෙවියන් වහන්සේ මුණ ගැසීමට, ඉතා පහසු වේ.
මේ අනුව, යාච්ඤාව තුළින්, අප තුළ වඩවා ගත හැකි විශ්වාසය,
බලාපොරොත්තුව හා පේ‍්‍රමය නැමැති ගුණාංග, බොහෝ ජනතාවකට, ජපමාලය උච්චාරණය කිරීම තුළින්, ඉතා පහසුවෙන් අයිති කර ගත හැකි වේ.
ශු. ජපමාලය, දුප්පත්, පොහොසත්, උගත්, නූගත්,සැමගේම යාච්ඤාවයි. කාර්ය බහුල දිවි පැවතුමක දෙන වර්තමාන ජනතාවට, වාහනයක යන විට, ඇවිදගෙන යන විට, බසයෙන් එනතුරු බලා සිටින විට, හෝ නිකරුනේ කාලය ගත කරන විට, දෙවියන් වහන්සේ මුන ගැසීමට, ශු. ජපමාලය උච්චාරණය කිරීම තුළින් පහසුවෙන් කළ හැක. මේ අනුව,දෙවියන් වහන්සේ කෙරෙහි සම්බන්ධකම හා විශ්වාසය ඇති කර ගැනීම සඳහාද, අද සමාජයෙන් එල්ලවෙන තර්ජනයන්ට විසඳුමක් ලෙසද, ශු. ජපමාලය උච්චාරණය කිරීම, ඉදිරිපත් කළ හැකිය. ජනතාවගේ මේ භක්ති අභ්‍යාසය උපුටා දැමීම, ඔවුන්ගේ දිනපතා ආධ්‍යාත්මික ආහාරය නැතිකිරීමක් වැනිය. බොහෝ ජනතා ව තුළ පවතින ඉතා කුඩා විශ්වාසයේ දැල්ල සම්පූර්ණයෙන්ම නොනිමි පවත්වාගෙන යෑමට, ශු. ජපමාල උච්චාරණය උදව් වේ.
අභිරහස් මෙනෙහි නොකර වුවද, ශු. ජපමාලය උච්චාරණය කිරීම සඳහා ජපමාලය අතට ගෙන, එහි ඇති පබළු ස්පර්ශ කරන විට පවා, යමෙකුට දෙවියන් වහන්සේව සිහිකර, ඔවුන් වහන්සේ සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබේ. ජපමාල පංතිය උච්චාරණය කිරීමට පෙර, අභිරහස මතක් කරගැනීමෙන් පමණක් වුවද, යමෙකුගේ ආත්මය තුළ විශ්වාසයේ දැල්ල අල්වාගත හැකිය’
අභිරහස් මෙනෙහි කරමින් ශු. ජපමාලය යාච්ඤා කරමු.
හැඳින්වීම
මීට වසර 2012 කට පෙර මිනිස් ඉතිහාසයේ අති සුවිශේෂ
සිද්ධියක් සිදුවිය. එනම්, ශු. ත්‍රිත්වයේ දෙවැනි තැනන්වහන්සේ,
"මරිය” නැමැති කන්‍යාවක් තුළ, ශු. ත්‍රිත්වයේ තුන්වැනි
තැනැන්වහන්සේගේ, අනුභාවයෙන් පිළිසිඳගෙන, මෙලොවට
බිළිඳෙක් ලෙස උපත ලැබීමයි. මේ බිළිඳාට "ජේසුස්" යන නාමය
දෙන ලදි. මේ බිළිඳා මරිය තුමියගේ සෙවණේ හැදී වැඞී, අවුරුදු
33 ක් වූ විට, කුරුසියේ ඇණ ගසනු ලදුව මරණයට භාජනය විය.
ඔවුන් වහන්සේ මෙසේ මරණයට භාජනය වී, පූජා වීම තුළින්,
මිනිස් සංහතියට පවු කමාව ලබා දුන් සේක. ඔවුන් වහන්සේ
ස්වර්ගාරෝහණය වීමෙන්, මිනිස් සංහතියට, ගැලවීමද උත්ථාන
වීමේ බලාපොරොත්තුවද, ඇති කර දුන් සේක.
අභිරහස් යනු කුමක්ද ?
ශු. ත්‍රිත්වයේ දෙවැනි තැනැන්වහන්සේ, (ජේසුස් වහන්සේ)
ස්වර්ගයේ සිට මෙලොවට පැමිණීමේ සිට, යළිත් වරක්
ස් වර්ගයට අහස් නැගී ම දක් වාද, ඉන් පසු මරියතු මිය,
ස්වර්ගරෝපණය වී, ස්වර්ගයේ රැජිණිය ලෙස ඔටුනු පලදනු
ලබන අවස්ථාව දක්වාද, ඔවුන්වහන්සේලාගේ ජීවිත ගමනේ
විශේෂ සිද්ධින් හා අවස්ථා, අභිරහස් යනුවෙන් හැඳින්වේ.
මේ අභිරහස් කොටස් 4 කට බෙදා වෙන්කර ඇත. එනම්,
සොම්නස් අභිරහස් පහ - ජේසුස් වහන්සේගේ උත්පත්තිය හා
ළමා කාලය (අවුරුදු 30 දක්වා)
ආලෝක අභිරහස් පහ - ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිත
කාලය ( අවුරුදු 30 - 33 දක්වා)
දොම්නස් අභිරහස් පහ - ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා
මරණය (අවුරුදු 33 දී)
මෝක්ෂ අභිරහස් පහ - ජේසුස් වහන්සේගේ උත්ථානය හා මරිය
වහන්සේගේ අහස් නැගීම හා ස්වර්ගයේ රැජිණිය ලෙස ඔටුනු
පැළඳවීම දක්වා (අවුරුදු 33 ට පසු)
”නමෝ මරිය” යාච්ඤා 10 ක් අඩංගු පංතියකට, එක අභිරහසක්
මෙනෙහි කිරීමට වෙන් වේ.
අභිරහස් මෙනෙහි කරන්නේ කෙසේද ?
අප යාච්ඤා කරන විට, සමහර විට අපගේ සිතුවිලි, විවිධ දේ
වලට යොමු වෙන ප්‍රවණතාවයක් ඇත. ජපමාල පංතියක, ”නමෝ
මරිය” යාච්ඤා 10 උච්චාරණය කරන විට අපගේ සිත හා
සිතිවිලි, ඒ පංතියට අදාළ අභිරහස කරා යොමුකර ගැනීමට අපි
උත්සාහ කරමු. මුලින්ම මෙය ටිකක් අපහසු වෙන්නට පුළුවන්.
"නමෝ මරිය” 10 තුළදීම, සිත ඒකරාශි කර ගැනීමට බැරි
වෙන්නට පුළුවන්. නමුත් කමක් නැත. ටිකින් ටික කාලයාගේ
ඇවෑමෙන් මෙය ස්වභාවයෙන්ම සිදු වන්නට පටන් ගනිවී. අප
විසින් උත්සාහ දැරිය යුතුය. අපට ඕනෑකමක් තිබිය යුතුය. මීටත්
වඩා, මේ කාර්යයේදී, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අපට
පිහිට වේවි.
මෙනෙහි කළ යුතු දේ
01. අභිරහසට අදාළ සිද්ධිය ගැන, හෝ එම සිද්ධියේ විශේෂ අවස්ථාවක් වෙත අපගේ සිත යොමු කළ හැක. මේ සිද්ධිය, සිතෙහි චිත්‍ර ගත කර ගත හැක.
02. අභිරහසට අදාළ සිද්ධිය, මා විසින් නරඹමින් සිටියා මෙන්, සිතුවිලි, අදහස්, ඇති කර ගත හැක.
03. අභිරහසට අදාළ සිද්ධියෙන්, මගේ ජීවිතයට බලපෑමක් හෝ අභියෝගයක් තිබෙනවාද කියා, මෙනෙහි කරන්න පුළුවන්.
04. අභිරහසට අදාළ සිද්ධියෙන්, මට ලැබෙන ඉගැන්වීම හෝ ආලෝකය කුමක්ද කියා සිතන්න පුළුවන්.
05. අභිරහසට අදාළ සිද්ධිය සිදුවන තැන මා සිටියා නම්,මාගේ ක්‍රියාකාරීත්වය කෙසේ වන්නට තිබුණාද කියා සිතන්නට පුළුවන්.
අභිරහස්වලට අදාළ බයිබල් පාඨ
අභිරහස් මෙනෙහි කිරීමට කරුණු ලබා ගැනීමට, අදාළ බයිබල් පාඨය ඊට සම්බන්ධ අනිත් පාඨද කියවීම, ඉතාම උචිතයි’
සොම්නස් අභිරහස්
01. දෙව් මවුනට මංගලම් කීම. (ලූක් 1 : 26-38)
02. එලිසබෙත් තුමිය බැහැ දැකීම. (ලූක් 1 : 39-45)
03. දෙව් බිළිඳානන්ගේ උත්පත්තිය (ලූක් 2 : 1-20)
04. දෙව් බිළිඳාණන්, දේව මාළිගයේ පුද කිරීම (ලූක් 2 : 22-35)
05. දෙව් කුමරා, දේව මාළිගයේ නැතිවී සම්භවීම (ලූක් 2 : 41-51)
දොම්නස් අභිරහස්
01. ජේසුස් වහන්සේ මල් උයනේ දුක් විඳීම (ලූක් 22 : 39-48)
02. ජේසුස් වහන්සේ ගල්කණුවේ කස පහර විඳීම (ලූක් 22 : 63-71)
03. ජේසුස් වහන්සේගේ හිස මත කටු ඔටුන්නක් පළඳවනු ලැබීම. (මතෙව් 27 : 29-31)
04. ජේසුස් වහන්සේ කුරුසිය උසුලාගෙන යෑම (ලූක් 23: 26-32)
05. ජේසුස් වහන්සේ කුරුසියෙහි උකුත් වීම (ලූක් 23 : 33-49)
ආලෝක අභිරහස්
01. සමිඳු ජේසු ප්‍රසාද ස්නාපනය ලැබීම (මතෙව් 3 : 13-17)
02. කානා නුවර විවාහ මංගලෝත්සවය (ජුවාම් 2 : 1-11)
03. සමිඳු ජේසු කඳු මුදුනේදී දේව රාජ්‍යය ප්‍රකාශ කිරීම (මතෙව් 5 : 1-10)
04. සමිඳු ජේසු අන්‍ය රූප විලාස වීම (මාක් 9 : 2-8)
05. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම (ලූක් 23 :14-20)
මෝක්ෂ අභිරහස්
01. ජේසුස් වහන්සේ උත්ථාන වීම (මාක් 16 : 1-18)
02. ස්වාමින් වහන්සේ ස්වර්ගාරෝපණය වීම (ක්‍රියා 1 : 6-11)
03. ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩම කිරීම (ක්‍රියා 1 : 13-14 හා ක්‍රියා 2 : 1-4)
04. දෙව් මවුන් ස්වාර්ගාරෝපණය වීම (උපදේශකයා හෙවත් සිරාක් 24 : 9-18)
05. දෙව් මවුන් ස්වර්ගයේ රැජිණිය ලෙස ඔටුනු පැළඳ වීම (එළිදරව්ව 12:1)
දේවමාතාවන් ශු. ජපමාලය උච්චාරණය කරන අය සඳහා ශු. දොමිනික්තුමා මඟින් දී ඇති පොරොන්දුව
01. ජපමාලය විශ්වාසවන් තව යදින අය, අනෙක් වරප්රසාදයන්ට හේතුවන්ත වන්නාහ.
02. ජපමාලය නිතිපතා යදින්නන් ට, මම විශේෂ රැකවරණය හා වරප්‍රසාද පොරොන්දු වෙමි.
03. සාතන්ට විරුද්ධව කෙරෙන සටනේ දී, ජපමාලය කිතුනු ආයුධයක් වන්නේය.
04. එමගින් ගුණධර්ම හා යහපත් ක්‍රියා වඩන්නේය. දෙවිදුගේ අසී මිත කරුණාවට පංගු කරුවන් වන් නාහ.ලෞකිකත්වය මනුෂ්‍ය හදවත් වලින් දුරුකර, සදා දේව ජීවිතයට ඇලූම් කරවන්නෝය.
05. ජපමාලයට විශ්වාසවන්ත වීමට ඇළුම් වන්නා, විනාශයට පත් නොවන්නේය.
06. ජපමාලයට විශ්වාසවන්ත වන්නා, හදිසි මරනයකට පත් වූවත්, විනාශ මුඛයට පත් නොවී, සදාකාල ගැලවීම ලබාගන්නේය.
07. ජපමාලයේ භක්තිව ඇතිව ජීවත් වන්නාට, සිය මරණයට පෙර, දේව ප්‍රසාධ නිධාන ලැබ ගන්නට අවස්ථාව ලැබෙන්නේය.
08. ජපමාලයට විශ්වාසීව දිවි ගෙවන්නා, ජීවිතයේදීත් මරණයේදීත් වරප්‍රසාද පිරි, ජීවනාලෝකය ලැබ, මරණයෙන් පසු, සුරදුතයන් සමග ස්වර්ගික දිවියක පංගුකාර කරන්නෙමි.
09. ජපමාලයට විශ්වාසවන්ත වන අය, ශුද්ධිකාග්නි ස්ථානයෙන් මම මුදවා ගන්නෙමි.
10. විශ්වාසය ජපමාලය යදින්නා, ස්වර්ගයේ උසස් තැනකට හිමිකම් ලබන්නෙක් වේ.
11. ජපමාලය අයැද මගෙන් යමක් ඉල්ලනුනා, ඒ සැම ලබා
ගන්නේය.
12. ජපමාලය ව්‍යාප්ත කරන්නා, මගෙන් ඉල්ලන සුමදේ ලබා ගන්නේය.
13. ජීවිතයේදීත් මරණ මොහොතේදීත්, සඟපුර සකල සුරදුතයන්ගේ රැකවරණය, ඔවුන්ට ලබා දෙන ලෙස මා දිව්‍ය පුත්රයාණන්ගෙන් වරය ලබා ඇත.
14. ජපමාලය යදින අය මාගේ දරුවෝය. මා පුත් ජේසුතුමාගේ සහෝදර සහෝදරියන්ය.
15. ජපමාල භක්තිය, ස්වර්ග රාජ්‍යයට හිමිකරුවකු වීමේ මගකි.
"ආලෝකය වේවා" සඟරාවෙන් උපුටා ගන්නා ලදි.
රංජන් ද මැල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි.)
Subscribe to:
Post Comments (Atom)
Thank you ! God Bless you more !
ReplyDelete