Showing posts with label ක්‍රිස්තෝත්පත්තිය. Show all posts
Showing posts with label ක්‍රිස්තෝත්පත්තිය. Show all posts

Monday, January 6, 2014

දිව්‍ය බිළිඳාණන් ලොවට ප‍්‍රත්‍යක්‍ෂවීමේ මංගල්‍යය (2014 වසර ජනවාරි 05)


කිතු උපතට වසර 700කට පෙර දිවස්වරයා ප‍්‍රකාශ කරන්නේ ජෙරුසලම ගොඩ නඟන බවය. දේව ආලොකය එහි වැජඹෙන බව ද සටහන් කරයි. පෙර අපර දිගින් ජනයා එහි එක්වන බව ද ප‍්‍රකාශ කරයි.


( යෙසායා 60: 1-6)
1 ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.2 පොළොව අඳුරෙන් ද ජාතීන් ගන'ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය. 3 ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත. 4 ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති. 5 මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය. 6 ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත. 

Thursday, December 5, 2013

කිතු උපත සහ ඔබ


- මහාචාර්ය ඇන්ටන් මීමන

නාසරෙත් හී ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව වඩා නිවැරදි අර්ථවත් සහ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක්කේ එය තේරුම් ගැනීමට උත්සාහ දරන පුද්ගලයාගේ අඛණ්ඩ අධ්‍යාත්මික වර්ධනයේ සහ ගුණවගාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් පමණි. ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම යනු තවත් ක‍්‍රිස්තුවරයෙක් (Alter Christus) වට පත්වීමට දෛනිකව ප‍්‍රයත්න දැරීමයි. නත්තලේ ගැඹුරුතම අර්ථය නම් ක‍්‍රිස්තුස් වහන්සේ වැනි ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙකු බවට පත්වීමේ අභිලාෂයට උපත දීමයි.

නත්තල සමරණ පුද්ගලයන් තුල ශුද්ධ ජීවිතයක්, අධ්‍යාත්මික ජීවිතයක්, දැහැමි ජීවිතයක්, අවංක ජීවිතයක් සහ පාප විරහිත ජීවිතයක් ගතකිරීම සඳහා ඇති දැඩි පිපාසය, කැපවීම, උද්‍යෝගය සහ උවමනාව නත්තල සැමරීම සඳහා අනිවාර්යය සහ අත්‍යාවශ්‍ය කොන්දේසියකි. කිතු උපත සැමරීමටත්, පාපයෙන් මිදීමට අප විසින් කරනු ලබන දෛනික අරගලයන් අතර ජීවමාන සහ කිසිසේත්ම වෙන්කළ නොහැකි සම්බන්ධතාවයක් පවතී. නත්තල සමරණ පුද්ගලයන් ඉතා ශුද්ධවන්ත, පිරිසිඳු, අවංක, ධර්මිෂ්ඨ සහ යහපත් ජීවිතයක් දිනපතාම ගතකිරීමට අධිෂ්ඨාන සහගතව කටයුතු කළ යුත්තේ ඒ නිසාය.

Tuesday, December 3, 2013

ජේසුස් වහන්සේගේ උපත


ශුද්ධවර මතෙව්  (1 වන පරිච්ඡේදය: 18-25)


18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.


19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20 එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ..දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න: මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින් 21 ඈ පුතෙකු බිහි කරන්නී ය උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ යයි කීය.

'ආගමන කාලය’



ලතින් භාෂාවෙන් "අද්වෙන්තුස්"  යන නාමයෙන් මෙම කාළය හඳුන්වනු ලැබේ. මෙම වචනයේ ග‍්‍රීක පරිවර්ථනය වනුයේ "පරුෂියා" යන වචනයයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් මෙම සමය  "ඇඩ්වෙන්ට්" කියා හඳුන්වනු ලැබෙ. මෙම වචනයේ අර්ථ වනුයේ පැමිණීම යන්නයි.

අතීතයේ දී මෙම වචනයම විවිධ අර්ථයන් පිළිබිඹු වන ආකාරයෙන් භාවිතා කර ඇත. 

සම්ප‍්‍රදායානුකූලව මෙම වචනයේ අර්ථය පුරාණයේ භාවිතා කරනු ලැබුවේ වාර්ෂිකව දෙවිවරුන්ගේ පැමිණිම සංකේතවත් කරනු වස් ඔවුන් පිළිරූ ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරන ලදී.

මෙම වචනය සඳහා රාජකීය අර්ථයක් ද තිබේ එනම් රජකෙනෙකු ප‍්‍රථමවරට එම තනතුරට පත් වු පසු එම රජතුමා ප‍්‍රථම වරට එම රාජ්‍ය සභාව හමුවීමට පැමිණීම මෙම වචනයෙන් හඳුන්වනු ලැබෙ.

මෙම වචනය සඳහා ක‍්‍රිස්තියාණි අර්ථයක් ද ඇත. ක‍්‍රිස්තියාණි ලේඛණවල සඳහන්වන ආකාරයට මෙය සමිඳුන්ගේ පැමිණීම යි. මෙම පැමිණිම දෙයාකාරයකින් සිඳුවන බව කිතුනු අපගේ විශ්වාසයයි. එනම් ජේසු සමිදාණන්ගේ ශාරීරිකව පැමීණීම හා අවසානයේ විනිශ්චය සඳහා පැමිණීමයි.