ශු. කැතරින් ලැබොරේ 1806 වර්ෂයේ මැයි 2 වෙනි දින එම පවුලේ නවවෙනි දරුවා ලෙස ප්‍රංශයේ උපත ලෑබුවාය. ඈට අවුරුදු 9 ක් වෙද්දි ඇගේ මව මිය ගිය බැවින් ඊට පසු දෙව්මව් ඇගේ මව හැටියට භාරගත්තාය. 1830 අප්‍රියල් 21 දින කන්‍යා සෙහොයුරියක් වීමට ප්‍රංශයේ වින්සන්ද පවුලා දයාවේ සෙහොයුරින්ගේ කන්‍යාරාමයට ගියාය. 1830 ජුලි 18 වෙනිදා වින්සන්ද පවූලා මුනිවරයාගේ (එතුමාගේ නොදිරුන සිරුර අදත් පැරිසියේ තිබෙනවා) මංගල්‍ය දින රාත්‍රියේ 11.30 ට පමණ ඇයව දේවස්ථානය කරා මග පෙන්නුවා.
ඒ කුඩා ළමයාට දේවමෑණියන්ව පෙනි නොපෙනි ගියා. ඒ කුඩා ළමයා දේවමෑණියන්ව පෙන්වා නොපෙනි ගියා. කැතරින් තුමිය දන ගසා ඇගේ අත්දෙක දේවමෑණියන්ගේ දනහිසේ තැබුවා. ඇයගේ ජිවිතයේ සන්තෝෂම අවස්ථාව මෙය බව ඇය පැවසුවා. දේවමෑණියෝ බෝහෝ දේවල් ඇය හට පවසා තිබෙනවා. ආගමන කාලයට පෙර අන්තිම සෙනසුරාදා, 1830 නොවැ. 30 නැවතත් දෙව්මව් ශු. කැතරින් තුමියට දර්ශනය වුවා. දේවමෑණියො ලා රිදී පාට ඇඳුමකින් සැරසි ගෝලයක උඩ (Globe) සිටගෙන සිටියා. ඇගේ අතේ තව ගෝලයක් රඳවාගෙන තම හඳවතට තුරුළු කොට සිටියා. ඇගේ ඇස් ස්වර්ගය දෙසට යොමුව තිබුණා. ඇගේ මුණ කාන්තිය විහිදන එතරම්ම ලස්සනට දියමන්තියක් මෙන් පෙණුනා. මම ඈ දිහා බලද්දි දෙව්මව්ගේ ඇස් මා වෙත යොමුවුවා. ඇයට සෙමින් මෙසේ ඇසුනා "මේ ගොලය ලෝකයට සමානයි".
විශේෂයෙන් ලෝකයේ හා එහි ජිවත් වන මිනිස්සු, ඒ එක්කම මට දකින්නට ලැබුණා ඕවල් හැඩයට තිබු පදක්කමක රත්තරන් අකුරින් පහත වැකිය ලියා තිබුනා. ‘‘ජම්ම දෝෂයෙන් නිර්දේශ වූ මරියතුමියනි, ඔබගෙන් සරණය පතන අප නිසා යාච්ඤා කළ මැනව’’ එසේම මට මෙසේ ද ඇසුණා. ‘‘මෙම පදක්කම පැළඳලන්න. මෙය පළදින අයට විශේෂ වරප්‍රසාද ලැබෙනු ඇත. විශ්වාසයෙන් පළදින අයට ඊටත් වඩා වරප්‍රසාද බහුලව ලැබෙනු ඇත. දේව මෑණියෝ මට මෙසේද කිව්වා. කාන්ති විනිවිද දියමන්ති තුළින් පෙන්නුම් කරනු ලබන්නේ මගෙන් පිහිට අයදින අයට ලැබෙන වරප්‍රසාදයන්ය ‘‘සමහර දියමන්ති කාන්තිය විහිදුවන්නේ නැත. ඒ අය මගෙන් උදව් නොඉල්ලන අයව සංකේතවත් කරයි.’’ ඒ එක්කම පින්තූරය අනිත් පැත්තට හැරුනා එහි හදවත් දෙකක් දක්නට ලැබුනා මේ පදක්කමෙන්, විශ්වාසයේ හා බලාපොරොත්තුවේ පණිවිඩ 02 ක් පෙන්වා දෙනවා.
විශ්වාසයේ පණිවිඩය
දේව දරුවන් වන අප අපේ කතෝලික සංගය පටන් ගත්තේ ශුද්ධ වූ පේදුරු තුමා ඇතුලූ අපොස්තුලූවරුන් 12 දෙනෙකුගෙනි. අප විශ්වාස කරන්නේ, දෙවියන්වහන්සේ පුත්‍රයා මෙලොව මිනිස් වෙස් ගෙන අපව මරණය පරාජය කර නැවත උත්ථාන වී අපව පාපයෙන් මුදා ගත් බවයි. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවිමේ කාර්යට පසුව ‘‘ජම්ම දොෂයෙන් නිර්දෝශි වූ මර්යතුමියට’’ සුවිශේෂ වු විශේෂිත ස්ථානයක් හිමිවෙනවා, ඇය ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්නොකළ හැකි තැනත්තියක්, එම සළකුණින් එය පෙන්වා දෙනවා. ඇයත් ජේසුතුමා වගේම දුක්වින්දා. ඒ නිසා ඇයගේ හෘදය ඊතලයකින් පසාරු කිරිමෙන් එය සංකේතවත් කරනවා. අපගේ දුක් වේදනා වලදීත් ඒවා දරාගැනීමට එතුමිය අප වෙනුවෙන් මැදහත් වෙනවා.
බලාපොරොත්තුවේ පණිවිඩය
x අප කරදර මැද්දේ උනත් සන්තෝෂයෙන් ජීවත් වෙනවා.
x අපේ බලාපෙරොත්තුව මරිය තුමිය තුළින් ජේසු තුමා වෙත යොමුවිම.
x මරිය තුමිය අපව දෙවියන් වහන්සේ ලගට ගෙනයන, අපගේ යාච්ඤා දිවියේ ප්‍රදාන බලාපොරොත්තුවයි.
රංජන් ද මැල්
අන්තර්ජාලිය
සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමේ වෑයමකි.
No comments:
Post a Comment