ලතින් භාෂාවෙන් "අද්වෙන්තුස්" යන නාමයෙන් මෙම කාළය හඳුන්වනු ලැබේ. මෙම වචනයේ ග්‍රීක පරිවර්ථනය වනුයේ "පරුෂියා" යන වචනයයි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම සමය "ඇඩ්වෙන්ට්" කියා හඳුන්වනු ලැබෙ. මෙම වචනයේ අර්ථ වනුයේ පැමිණීම යන්නයි.
අතීතයේ දී මෙම වචනයම විවිධ අර්ථයන් පිළිබිඹු වන ආකාරයෙන් භාවිතා කර ඇත.
සම්ප්‍රදායානුකූලව මෙම වචනයේ අර්ථය පුරාණයේ භාවිතා කරනු ලැබුවේ වාර්ෂිකව දෙවිවරුන්ගේ පැමිණිම සංකේතවත් කරනු වස් ඔවුන් පිළිරූ ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය කරන ලදී.
මෙම වචනය සඳහා රාජකීය අර්ථයක් ද තිබේ එනම් රජකෙනෙකු ප්‍රථමවරට එම තනතුරට පත් වු පසු එම රජතුමා ප්‍රථම වරට එම රාජ්‍ය සභාව හමුවීමට පැමිණීම මෙම වචනයෙන් හඳුන්වනු ලැබෙ.
මෙම වචනය සඳහා ක්රිස්තියාණි අර්ථයක් ද ඇත. ක්රිස්තියාණි ලේඛණවල සඳහන්වන ආකාරයට මෙය සමිඳුන්ගේ පැමිණීම යි. මෙම පැමිණිම දෙයාකාරයකින් සිඳුවන බව කිතුනු අපගේ විශ්වාසයයි. එනම් ජේසු සමිදාණන්ගේ ශාරීරිකව පැමීණීම හා අවසානයේ විනිශ්චය සඳහා පැමිණීමයි.
රෝමයේ මෙම ආගමන කාලය ආරම්භ කරන ලද්දේ ක්‍රි.ව. 06 වන සියවසේ දී පමණය. ඊටත් පෙර මෙම ආගමන කාලය ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක විය. ආරම්භක වකවානුවේ දී මෙම කාලය තුළ ජේසු සමිඳුන්ගේ පැමිණීම සඳහා භාවනායෝගීව හා තපස් රකිමින් සුදානම් වීමක් දක්නට නොලැබුණි.
දෙවන වතිකානු සම්මේලනයට අනුව මෙම කාලය ජේසු සමිඳුන්ගේ දෙවන වර වැඩීම කෙරෙහි බලාපොරොත්තුවෙන් හා ඒ සඳහා සුදානම් වන කාලයකි. මෙය සති 04 කින් යුක්ත ය.
රෝමානු ජනවන්දනාවට අනුව මෙම ආගමන කාලය ජේසු සමිදානණ්ගේ දෙවන වර වැඩීම සඳහා සුදානම් වන කාලයකි. ශු.ස්නාවක ජුවාම් තුමාගේ දේශනා හා ජනතාව සුදානම් කිරීමේ දී එතුමන් කල ක්‍රියා නිසා මෙම සමය තුළ නාම සාන්තුවරයා ලෙස උන්වහන්සේව එනමින් හඳුන්වනු ලැබෙ. තවද ජේසු සමිඳුන්ගේ පළමුවර වැඩීමට ශාරීරිකව ඉතා ප්‍රබල ලෙස දායක වුයේ මරියෝත්තමාවන් ය. එබැවින් එතුමිය මෙම සමය තුළ නාම සාන්තුවරිය ලෙස හඳුන්වනු ලැබෙ.
මෙම ආගමන සමයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
01 - ආගමන සමයේ පළමු වන ඉරුදින සිට දෙසැම්බර් මස 15 වන දින දක්වා කාලය තුළ ජේසු සමිදාණන්ගේ දෙවන වර වැඩීමට සුදානම් වීම සිදුකෙරේ එබැවින් මෙම කාලය තුළ දිව්‍ය පුජාවේ කියවීම් සුවිශේෂය හා යාචඤා සියල්ලම මෙම අරමුණ ඔස්සේ තෝරාගෙන ඇත.
02 - දෙසැම්බර් මස 16 වන දින සිට 24 වන දින දක්වා කාලය තුළ ජේසු සමිදාණන්ගේ පළමුවර වැඩිීම පිළිබඳ මෙනෙහි කරයි.
ගරු අසන්ත ප්රියනාල් පියතුමා.
කළුතර කළමුල්ල මිසම.
Published by: Ranjan De Mel.
No comments:
Post a Comment