ජනවාරි මස පළමු වන දිනය වන අද විශ්ව සභා මාතාවන්ගේ අති උත්සව ශ‍්‍රීයෙන් මරියෝත්තමාවන්ගේ මාතෘත්වයේ මංගල්‍යය සමරන්නීය. ඉපැරණි රෝම දින දර්ශනයට අනුව, 'ඔක්ටෙව්' දිනය හෙවත් Holy day obligation ලෙස පැවැතුණු මෙම දිනය පසුකාලීනව කිතු දහම ව්‍යාප්ත වීමෙන් පසුව මුල් සියවස්වල සිටම මෙම මංගල්‍යය සමරනු ලැබුවේය.
මෙම මංගල්‍යය මුලින්ම ස්පාඤ්ඤයෙන් හා ප‍්‍රංශයෙන් ආරම්භ වී 07 වන සියවසේ දී රෝමානු පිළිවෙත් සංග‍්‍රහයට එක්විය. එනමුදු 4,5 සියවස්වල සිට ම පෙරදිග සභා පිළිවෙත් වල පැවැති මේ මංගල්‍ය සිදුකරනු ලැබුවේ දෙසැම්බර් 26 දා ය. එය ශුද්ධවු සදා කන්‍යා දේවමාතාවන්ගේ මංගල්‍යය නමින් පෙරදිග පිළිවෙත්වල සඳහන් වුණි. 13,14 වන සියවස් වලදී මෙකී දේව මාතා මංගල්‍යය වෙනුවට ,සමිදාණන් වහන්සේගේ චර්මඡේදනය මංගල්‍යය, ලෙස ආදේශනය කරන ලදී. ක‍්‍රි.ව. 1570 දී V වන පියුස් පාප්තුමා ත‍්‍රිදෙන්තීනු පිළිවෙත් සංග‍්‍රහයට මේ නමින් ම එනම් ,සමිදාණන් වහන්සේගේ චර්මඡේදනය මංගල්‍යය, නමින් එක් කළ අතර බෙහෙවින්ම මෙම මංගල්‍යය ප‍්‍රචලිත වුයේ පෘතුගාලයේ ය. ඒ ඔස්සේ පෙරදිග රටවල ද මෙම මංගල්‍යය ප‍්‍රචලිත විය. 1931 දී XI වන පියුස් සුදු පියාණෝ ඔක්තෝම්බර් මස 11 වන දින දේවමාතාවන්ගේ මාතෘත්වයේ මංගල්‍යය ලෙස සමස්ත සභාවට නිර්දේශ කෙරුණ ද ii වන වතිකාන කතිකාවතෙන් පසු VI වන පාවුළු ශුද්ධෝත්තම පියතුමාණෝ පෙර තිබු පරිද්දෙන්ම , පරිශුද්ධ දේව මාතා මංගල්‍යය, ලෙස හඳුන්වා දෙමින් ජනවාරි පළමු වන දා සමරන්නට විශ්ව සභාවට ම නියෝග කරන ලදී. එම නිසා ම වත්මන් රෝමානු පිළිවෙත් සංග‍්‍රහය තුළ මෙම මංගල්‍යය අනිවාර්ය අනුස්මරණ මංගල්‍යයක් ද ලාංකේය කතෝලික අප හට එය ද ණය මංගල්‍යයක් වන්නේ ය.
ශු. ලියවිල්ලේ පදනම.
දේවමාතාවන් Mother of God හෙවත් ග‍්‍රික බසින් "තියෙටෝ කොස්" යන දේවධාර්මික සත්‍යතාව ක‍්‍රි.ව. 413 පැවැති නිසියානු මන්ත‍්‍රණ සභාවෙ ගාම්භීරව සනාථ කරනු ලැබු ශු. සභාවේ වේද සත්‍යතාවයකි. බිඳ වැටුණු දෙව් මිනිස් සබැඳියාව යලිදු එක්කරලිමට අභිමතය වු දෙවිදාණෝ ස්තී‍්‍රයගෙන් උපන් ස්වකීය පුත‍්‍රයාණන් එවු සේක. (උත් 3:15) උන්වහන්සේ ශූද්ධාත්මයාණන් කරණ කොටගෙන කන්‍යමරියෝත්තමාවන්ගෙන් මෙලොවට මාංශගත වු සේක.
අසම්මත වු ප‍්‍රබල දේව සැලැස්මට හිස නමා ලෝ මැවුම්කාර ,වචන තෙම, (ජොහාන් 1:14) ලොව බිහිකරලන්නට දේව පණිවුඩය අනුව දේව වචනය හදින් හා කයින් පිළිගෙන, ගැළවුම්කරුවාණන් බිහිකළ මරියෝත්තමාවෝ දෙවිපියාණන්ගේ ආදර දියණිය ද, දේවපුත‍්‍රයාණන්ගේ ආදර මෑණියන්ද ශුද්ධාත්මයාණන්ගේ වාසස්ථානය ද ලෙස අන් සියලු මැවිලි අභිබවා යන විපුල ප‍්‍රසාද ලත් උත්තමියක (ලුක් 1:28 ) ද පරම ශුද්ධාත්මික ක‍්‍රිස්තු ශරීරය වන ශු. සභාවෙ මෑණියන් ලෙස ද (ජොහාන් 19:27) ඕ තොමෝ දේව ජනතාවගෙන් ගෞරව බුහුමන් ලබන්නී ය. මන්ද මරියෝත්තමාවන් තරම් ලෝක වාසීන්ගේ අවධානයට යොමු වු වෙන කිසිඳු කාන්තාවක් නොමැත. එදා ඕ තොමෝ එළිසබෙත් තුමී හා එක්ව දෙවි සමිඳුන් ගැයු උදම් ගීයේ සඳහන් ලෙස ,හැම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තී යැයි මට කියනු ඇත............, (ලුක් 1:48) ඕතුමිය ගැළවීමේ සැලැස්මට හිස නමා සමිදාණන් වහන්සේගේ උපත ද එතැන් සිට කල්වාරි කඳු මුදුනේ ඔවුන් වහන්සේගේ ශ‍්‍රි මරණය දක්වා සැබෑ ලෙස සමිදාණන්ගේ දාසිය වෙමින් ද (ලුක් 1:38) ගැලවීමේ සැලැස්මේ ක‍්‍රිස්තුන් වහන්සේගේ ආගමනයේ සිට වු සියලු සිදුවීම තම සිත් හි නිදන් කොට, ඒවා මෙනෙහි කළ(ලුක් 2:19,2:51) ඒ උත්තරීතර දේව මාතෘත්වය වචනයෙන් කියා විස්තර කළ නොහැකිය. මෙහිදී සමස්ත සභාවම එදා එළිසබෙත් තුමි ප‍්‍රකාශ කළ අන්දමින්, මාගේ ස්වාමින් වහන්සේගේ මෑණීයන් මා වෙත පැමිණිමට තරම් මම කවරෙක්ද?,(ලුක්1:43) යන්නෙන් වචනයාණන් වු මෙසියස්වරයාණන් මෙලොවට ජනිත කළාවු ද කුරුසිය පාමුල අපට උරුම කළ මේ බලසම්පන්න දේව මාතෘත්වය දේව ජනතාව වන අපගේ බලාපොරොත්තුව හා අභියෝගය ද වන්නේ ය.
සභා පිය දැක්ම.
සභා මුලාරම්භයේ සිටම මරියෝත්තමාවන් දේවමාතාවන් බව පිළිගැණුනි. තෙයෝටෝකෝස් හෙවත් දෙවියන් දරන්නී යන අරුත මුලින්ම අපට හමුවන්නේ හිපොලිටස් තුමාගේ කාලයේ ය. එතුමාගේ එකී මතය ම අතනේසියස්, බැසිලියස්, නසියාහී ග්‍රෙගරි ආදි සභා පිය ඉගැන්වීම් තුළ ප‍්‍රබල ලෙස දැක්වේ. ක‍්‍රි.ව. 431 දී එෆේ හි මන්ත‍්‍රණ සභාව පැවැත්වුයේ නෙස්ටෝරියස් නැමැති රදගුරු තුමා ක‍්‍රිස්තුන් වහන්සේගේ දේවත්වය හා මනුෂ්‍යත්වය පිළිබඳවත් මරියාවන් වන මැවිල්ල දේවමාතාවන් වන්නේ කෙසේදැයි වේද ධාර්මික ගැටළු සහිත ඉගැන්වීම් ඉදිරිපත් කළ නිසාවෙනි. මෙකී මතවාදයට එරෙහිව ඇලෙක්සැන්ඩ‍්‍රියාවේ සිරිල් තුමා පෙරටුකොට ගත් ශු. සභාව මෙම මතය බිඳ හැර ශු.කන්‍යාවිය වන මරියෝත්තමාවෝ දේවමාතාවන් ලෙස හඳුන්වා ඕතුමියට බැති පෙම් දක්වන්නට නියෝග කරන ලදී. මේ නිසා ම ජනවාරි පළමුවන දා පැවැත්වෙන පරිශුද්ධ දේවමාතා මංගල්‍යයට මුල් කාලයේ සිට ම සවිමත් අත්තිවාරමක් හා පදනමක් දේවධාර්මිකව මෙන්ම සභා සම්ප‍්‍රදායානුකූලව ලැබුණි.
මෙකී දේවමාතෘත්වය ශු.ඉරනේවුස් මුනිඳුන් නිර්වචනය කරන්නේ ,දෙවිඳුන් වෙතින් ආ දේව හඬට අවනත වෙමින් එයට හිස නමා, මාංශගත වු දෙවිඳුන් ඔසවා ගත් ප‍්‍රබල මාතෘත්වය ලෙසය., මුල් යුගයේ දි විසු සභා පියවරු අතර හිපොලිටස්, මහා ග්‍රෙගරි, ජෙරුසලමේ සිරිල්, මෙතෝදියස්, සිරියාවෙ ‘එප‍්‍රයිම', ඇලෙක්සැන්ඩ‍්‍රියාවේ පීටර් ආදී අයගේ නිර්වචන සමස්තයට ගත් කළ මෙසේ විග‍්‍රහ කළ හැකි ය.
යමෙකු මරියෝත්තමාවන් දේවමාතාවන් යැයි පිළිනොගන්නේ නම් ඔහු දේව විශ්වාසයට පිටස්තරයෙකු බවට පත්වේ. තවද මනුෂ්‍යයෙකු ලෙස බිහි වී පසුව ඔහු තුළට දෙවියන් වහන්සේ ඇතුළු වුවා යැයි කියා කියන කවර නමකුව වුව ද හෙළා දැකිය යුතු ය.
තවද එපේසි මන්ත‍්‍රණ සභාව තුළ මරියෝත්තමාවන් දේවමාතාවන් බව යන සංකල්ප උකහා දක්වන්නට ශු. ජෙරොම් තුමාගේ ලිපි පරිශීලනය කරගත් ඇලෙක්සැන්ඩ‍්‍රියාවෙ සිරිල් තුමාගේ දායකත්වය සුවිශේෂ වේ.ධාර්මික අරුත.
එකම මධ්‍යස්ථානයක් වන ක‍්‍රිස්තුන් වහන්සේ ගේ (තිමති 2:5-6) ගැලවීමේ සැලැස්ම සෘජුවම සම්බන්ධ වෙමින් දේව සැලැස්ම අනුව මෙසියස් වරයාණෝ බිහිකරමින් ද, ඔවුන් වහන්සේගේ සහකාරිය ද බැහැපත් දාසිය ද ලෙස මෑණියන් වුවා ය. ආත්මික බන්ධනය තුළ ඕතුමිය අපගේ මෑණියෝ වන්නේ ප‍්‍රථමයෙන් ම ඕ තොමෝ ජේසු සමිඳුන්ගේ මෑනියන් වන නිසා ය. (L.G 60)
ගැළවීමේ සැලැස්මට සෘජු ලෙස සම්බන්ධ වෙමින් ඔවුන් වහන්සේගේ දුක්ප‍්‍රාප්තිය ද අප ලද අනගි තිළිණය හා උරුමය මරියෝත්තමාවෝ ය.(ජොහාන් 19:27) එමඟින් පිළිඹිබු වන්නේ විශ්ව මාතෘත්වයයි.
ශු. සභාව තුළ ධාර්මික දිවි පෙවතකට අපට ගෙන හැර පාන සරල සුගම සළකුණ ද මරිය වහන්සේ ය. ඕ තුමිය දේවමාතාවන් වුයේ ස්වකිය බැහැපත් හා සරල දිවිපෙවත තුළිණි. එම නිසා ඕ තොමෝ මෙන් රටට, දැයට, ලවණක් ආලෝකයක් වන්නට ද අපගේ ප‍්‍රසාද ස්නාපනීය කැඳවිමට ප‍්‍රතිචාර දක්වන්නට මෙහිදී අපට ඇරයුම් කෙරේ.
දේව මාතාවන් වන මරියයෝත්තමාවෝ වන්දනා ගමනක යෙදී සිටින දේව ජනතාවගේ බලාපොරොත්තුවේ හා සැනසීමේ සළකුණකි. සැබෑ මධ්‍යස්ථකයාණන් වු ජේසු සමිඳුන් වෙනුවට අප ගෙන යන දුබල අප වෙනුවෙන් අපගේ අවැසිතා වලදී මැදිහත් වන මරියාවන්ගේ යැදුම්, පිහිට හා සවිය නිරතුරුවම පතා සිටිමු. ( L.G. 68,69)
(පරිශීලනය - ජාතීන්ගේ ආලෝකය (L.G.), "රෙදෙම්තෝරිස් මාකර්" හෙවත් ගැළවුම්කරුවාණන්ගේ මෑණියෝ යන විශ්ව ලේඛනය)
අසේල දසනායක.
සහයෝගී දායකත්වය :ඥානාර්ථ ප‍්‍රදිපය.
ලිපි පළකිරිම - රංජන් ද මැල්
( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)
No comments:
Post a Comment