Tuesday, December 3, 2013

ජේසුස් වහන්සේගේ උපත


ශුද්ධවර මතෙව්  (1 වන පරිච්ඡේදය: 18-25)


18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.


19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20 එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ..දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න: මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින් 21 ඈ පුතෙකු බිහි කරන්නී ය උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ යයි කීය.




22 මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්:

23 ..මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය;උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත යනුය. ඒ නාමයේ අර්ථය නම් ..දෙවියන් වහන්සේ අප සමඟය  යනුයි.

24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙසල සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය. 25 එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.



ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම (2 වන පරිච්ඡේදය)

1 හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, 2 ..ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැකල එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු යි කීහ.


3 එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. 4 එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, ..ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ..යි ඔවුන්ගෙන් විචාළේ ය. 5 ඔව්හු කතා කොට; ..ජුදයේ බෙත්ලෙහෙමෙහි ය, ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ.

6 .එම්බා ජුදා දේශයේ බෙත්ලෙහෙම තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය, මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැයි ඔහුට කී හ.

7 එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවාල තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන. 8 ..ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්නත ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න.. කියාල ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය. 9 රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාවල ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේය. 10 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමො‍්ද වූ හ. 11 ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැකල පසඟ පිහිටුවා වැඳල සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. 12 තවදල හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

--------------------------------------------------------------------------------

ජේසුස් වහන්සේගේ උපත පිළිබඳ ඉහත විස්තරය අන්තර්ජාලයෙ ශු.බයිබලයෙන් උපුටා ගන්නාලදි.

No comments:

Post a Comment