Monday, January 6, 2014

දිව්‍ය බිළිඳාණන් ලොවට ප‍්‍රත්‍යක්‍ෂවීමේ මංගල්‍යය (2014 වසර ජනවාරි 05)


කිතු උපතට වසර 700කට පෙර දිවස්වරයා ප‍්‍රකාශ කරන්නේ ජෙරුසලම ගොඩ නඟන බවය. දේව ආලොකය එහි වැජඹෙන බව ද සටහන් කරයි. පෙර අපර දිගින් ජනයා එහි එක්වන බව ද ප‍්‍රකාශ කරයි.


( යෙසායා 60: 1-6)
1 ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.2 පොළොව අඳුරෙන් ද ජාතීන් ගන'ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය. 3 ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත. 4 ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති. 5 මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය. 6 ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත. 




රොමයේ සිරගතව සිටිමින් එපේසියේ ජනතාව දිරිගන්වමින් තමා විදේශීකයින්ගේ අපොස්තුළුවරයා වශයෙන් සිටි බව ශුද්ධවු පාවුළු තුමා සඳහන් කරයි. විජාතින්ට ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමේ වගකීම ගැන කරුණු දක්වයි.

(එපේසි 3:2-3,5-6)
 2 ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. 3 මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. 4 මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. 5 ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත. 6 ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය.



ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම


සුවිශේෂය :  මතෙ 2:1-12
1 හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, 2 ''ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු''යි කී හ. 3 එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. 4 එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, ''ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ''යි ඔවුන්ගෙන් විචාළේ ය. 5 ඔව්හු කතා කොට, ''ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ; 6 'එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ' ''යි ඔහුට කී හ. 7 එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව  ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, 8 "ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න" කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය. 9 රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. 10 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමො‍්ද වූ හ. 11 ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. 12 තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.


x  ජේසු සමිඳාණන්ට ගරු බුහුමන් දැක්වීම සඳහා ශ‍්‍රාස්ත‍්‍රධාරීන් තිදෙනා බෙත්ලෙහෙමට පැමිණිම හා වෙනත් මඟකින් ආපසු යෑම විස්තර වෙයි. ශ‍්‍රාස්ත‍්‍රවන්තයින්ගේ මංගල්‍යය අප සති දෙකකින් පැවත්වුවත් ඔවුනගේ පැමිණීමට ටික කාලයක් ඉක්ම යන්නට ඇත.  

කිතු උපතට එල්ල වු අභියෝගයන් හෙරොද්ගේ ප‍්‍රතිචාරය



x  වයස අවුරුදු දෙකකට අඩු වයසේ ළදරුවන් විනාශ කිරීම මානව ඝාතනයකි, පාලකයින් තමන්ගේ පාලනයට එරෙහිවන සියල්ලන් විනාශ කිරීම, මෙම බිළිඳු ඝාතනය අදත් සිදු නො වන්නේද ? ගබ්සාව, ළමුන් අපචාරයේ යෙදවීම. 

x  හෙරොද් මෙම ළදරුවාට අත තබන්නට පෙර ජුසේ තුමා මරියතුමිය ද සමඟ බිළිඳු ජේසුව රැගෙන පලා යෑම නිසා ජේසු සමිදාණන්ට හිරිහැරයක් නොවීය. 


x  හෙරොද්  වැනි රජවරුන් හෝ රටවල නායකත්වය හෝ සදාචාරාත්මක පාලනයකට යොමු නොවන විට තමනට එල්ලවන අභියොග ජය ගත්තේ ජීවිත විනාශ කිරීමෙනි. එහෙත් ඔවුන්ගේ චින්තනය වුයේ එසේ ජීවිත විනාශ කිරීමෙන් තමන්ගේ ආධිපත්‍යය රැක ගන්නට හැකි බව නො වේද?  අද සාධාරණ යුද්ධ නො මැති නිසා ජීවිත හානි වලින් තමන්ගේ ආධිපත්‍යය රැකගැනීමේ අවැසිතාවයක් නැතිවා විය හැකි ය.



x  තවද යුද්ධයකින්  සතුරන් විනාශ කිරීමද එවැන්නකි, ආත්මාරක්‍ෂාවට බව කියමින් යුධ කිරීමද අද පෙනෙන්නට තිබෙන දෙයකි, එල්ලුම් ගහ අනුමත කිරීමද  ජීවිත විනාශයකි. පාතල ලොකයේ අපරාධකරුවන් විනාශ කිරීමද එවැන්නකි, ජීවිතයේ අයිතිය මිනිසුන්ගේ අතට ගැනීමට නො හැකිය, ජීවිතයේ අයිතිය ඇත්තේ එහි නිර්මාතෘ වන දෙවියන් වහන්සේට පමණි, එම නිසා ජීවිත විනාශය අනුමත කිරීමට කිතුනුවන්ට නො හැකිය.


සිහින මඟින් ඉස්මතු වන දේව අනාවරණය හා එහි ප‍්‍රතිඵලයන්

x  සිහින මඟින් දේව පණිවිඩයන් මිනිසා වෙතට පැමිණීම,  ශුද්ධවු බයිබලයේ ඒ බව සනාථ කර ඇත. මුල් මිනිසා මැවීමේදී ගණන් කථාව 12:6 සිහින හරහා කථා කරන බව, ( 6 එවිට උන් වහන්සේ කතා කොට, ''මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි: )   දේව කැමැත්ත අනාවරණය වන බව,  කි‍්‍රයා 2:17 
(17 ''දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ  ආත්මානුභාවයෙන් පුරවා ලමි. එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති.)   අයහපත් දේ අනාවරණය වීමකට වඩා ජීවිත වෙනසකට මඟ පෙන්වීමක් ලැබෙනු ඇත. ඉතා වැදගත් වන සිද්ධීන් සිහන මඟින් දෙවියන් වහන්සේ ඉටු කරන සේක. (උදාහරණ වශයෙන් ආබ‍්‍රහම් සමඟ ගිවිසුම, ඒ අනුව උපදෙස් දෙයි. මඟ පෙන්වයි. සිහින හරහා දේව කැමැත්ත දැන ගැනීමට නම් ඒ ගැන විශ්වාස කිරීම ජීවිත ගොඩ නඟන දෑ වලට මඟ පෙන්වීම,  දේව පණිවිඩය ලැබෙන සිහින මඟින් ජීවිත විනාශයකට ඉඩක් නො මැත. සිහින මඟින් ලැබෙන දේව අනාවරණයට අපගේ ප‍්‍රතිචාරය කිම? 


ශුද්ධවු පවුල සරණාගත තත්වයට පත්වීම



x  මිසරයේ සරණාගතයින් බවට පත්වීම,  සරණාගතයින්ගේ වෙදනාව ශුද්ධවු පවුල තේරුම් ගැනීමට අවස්ථාව මෙම සිද්ධියෙන් උදා විය

x  අයහපත් රාජ්‍ය පාලයකයෙකුගෙන් බෙරීමට තම දේශයෙන් පලා ගොස් නො දන්න දේශයක” නො දන්න මිනිසුන් අතර දිවි ගෙවීම එම කාලයේ සිදුවු දේ ගැන විස්තර නො මැත. එසේ ම පුරාණ ගිවිසුමේ ජුදා ජනතාව ඊජීප්තුවෙ වහලුන් සේ සිටීම ද වහල් තත්වයට පත්වීමේ ලැබු අත් දැකීම, කුමක්ද යන්න තේරුම් ගැනීමට හැකියාව ලැබුණා නොවේද?




ශාස්ත‍්‍රවන්තයින්ගේ සම්ප‍්‍රාප්තියෙන් ලැබෙන පණිවිඩය






x ශාස්ත‍්‍රවන්තයන් තිදෙනා සෙවිල්ලක නිරත විය, ඔවුනට උදව් වුයේ තාරකාවයි. අප සෙවිල්ලක නිරත වන්නට සුදානම්ද 

x ශාස්ත‍්‍රවන්තයින්ගේ කලකිරීම, අධෛර්යට පත්වීම.



x  ඔවුන් උත්තමයාණන්ගේ ඉපදුණු ස්ථානයට පැමිණි විට සාර්ථකව සොයා ගන්නට හැකි විය. ඔවුන්ගේ සෙවිල්ල (Search) කලකිරීම (Disillusionment) හා සොයා ගැනීම (Discovery) ඒ වන විට ජේසු සමිඳාණන් ගෙදරක සිටින්නට ඇත. ඔවුන් තිදෙන එතුමා රජ මාලිගාවක නො සිටියත් උත්තමයෙක් සේ පිළිගැනීමට මැලි නොවීය.


x  ශාස්ත‍්‍රවන්තයින් තිදෙනා පිදු පඬුරු මඟින් ඉදිරිපත්වන දැක්ම ජේසු සමිඳාණන්ගේ රාජකීය” පූජක හා දිවැසිවර භාවය ඉස්මතු කර දක්වයි.



x මෙම ප‍්‍රත්‍යක්‍ෂ වීම මඟින් ජේසු සමිඳාණන් ජුදා ජනයින්ට පමණක්ය යන සීමාවෙන් බැහැරව සැමට විවෘත වීමට අවස්ථාව උදා විය. 



තාරකාව හරහා ඉදිරිපත්වන චින්තනය



x  අප ජීවිතයේ විවිධ සළකුණු ඇත. ඒවාට සංවේදි වීම ඉතා                          වැදගත්ය.

x  ශාස්ත‍්‍රවන්තයින් තිදෙනාට ශුද්ධ ලියවිල්ලේ උපකාරය නො තිබුණු නමුත් තාරකාව ඔස්සේ තමන් ලබා තිබු ප‍්‍රඥාව හරහා ජේසු සමිඳාණන්ව හමුවීම සිදු විය.

x  අපිද අන් අයට ජේසුව හඳුන්වා දෙන තාරකා විය යුතුය.



ලිපි පළකිරිම - රංජන් ද මැල්
( අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)

No comments:

Post a Comment