සියළුම අවශ්‍යතාවන් හීදී අපගේ මැදහත්කාරිය
ශු. සුවිශේෂයේ සඳහන් වන පරිදි ‘‘විපුල ප්‍රසාදලත් උත්තමිය’’ මරියෝත්තමාවන්ය ( දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ''විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය''යි කී ය-ලූක් 1 : 28) මන්ද සමිදාණන් වහන්සේ එතුමිය කුසතුළ ජනිත වුණි. එම භාග්‍යයේ උතුම්කම ප්‍රකාශ කරමින් එතුමිය ගැයූ ගීතය මර්යාවන්ගේ උදාන ගීය විය.
මරියාවන්ගේ උදාන ගීය
එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවා ය:
මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
මක්නිසා ද,එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.
හැම පරපුරක් ම මෙතැන් සිට, භාග්‍යවන්තී ය'යි මට කියනු ඇත.
පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක.
'පරිශුද්ධයාණෝ' යනු එතුමන්ගේ නාමය ය.