Wednesday, January 8, 2014

සියළු ශුද්ධවන්තයන්ගේ රැජිණිය


සියළුම අවශ්‍යතාවන් හීදී අපගේ මැදහත්කාරිය

ශු. සුවිශේෂයේ සඳහන් වන පරිදි ‘‘විපුල ප‍්‍රසාදලත් උත්තමිය’’ මරියෝත්තමාවන්ය (  දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ''විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය''යි කී ය-ලූක් 1 : 28) මන්ද සමිදාණන් වහන්සේ එතුමිය කුසතුළ ජනිත වුණි. එම භාග්‍යයේ උතුම්කම ප‍්‍රකාශ කරමින් එතුමිය ගැයූ ගීතය මර්යාවන්ගේ උදාන ගීය විය. 


මරියාවන්ගේ උදාන ගීය


එවිට මරිය තුමී මෙ‍සේ උදන් ඇනුවා ය:

මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි, 



 මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි; 



 මක්නිසා ද,එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.



හැම පරපුරක් ම මෙ‍තැන් සිට, භාග්‍යවන්තී ය'යි මට කියනු ඇත.



පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. 

'පරිශුද්ධයාණෝ' යනු එතුමන්ගේ නාමය ය. 






එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.



සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර, 



මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. 



සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක. 



අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට, දහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.'' 



මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය. (ලූක් 1 : 46 - 56) 


සියලූම සාන්තුවර, සාන්තුවරියන් අතර උත්තුංග දේව ආදරය දිනූ එකම දේව මැවිල්ල පරිශුද්ධ මරියෝත්තමාවෝය. එතුමිය ගැන ගැයෙන ඒ වර්ණනාව දේව මාතා ප‍්‍රාර්ථනයේ අඩංගුව තිබෙන අගය කල යුත්තකි. එතුමිය ගැන ෆුල්ටන් ජේ. ෂින් අගරදගුරු තුමා පවසනුයේ ‘‘සෑම කෙනෙකුම එතුමියව තම හදවත තුළ රැගෙන යන්නේය’’ යන්නයි. මරියාවන් ජම්මපාප දෝශ රහිතව පිළිසිදුන බව 1854 දෙසැම්බර් 08 වන දින Inefabilis Deus නමැති ප‍්‍රකාශනයෙන් IX වන පියුස් පාප් තුමා ප‍්‍රකාශයට පත්කළහ.

සියළුම සාන්තුවර බැතියට පෙර මරිය බැතිය පළමු කිතුනු සංඝ තුළ උත්දීපනය විය. එතුමිය තම කුඩා රැළ කිතුණු සංඝය ආශිර්වාද කරමින් තනි නොකර ශක්තිමත් කරමින් යාච්ඤාවේ යෙදෙන අන්දම ලූක් තුමා මෙසේ පවසයි. ‘‘මේ සියළු දෙනා ද ස්ත‍්‍රීන්ද ද ජේසුස් වන්සේගේ මෑණියන් වූ මරිය තුමී ද උන්වහන්සේගේ සහෝදරයන්ද සමඟ එක්සිත්ව නොකඩවා යාච්ඤාවේ නිරත වූහ.’’ (ක‍්‍රි. යා. 1 : 14) ප‍්‍රාණපරිත්ත්‍යාගී බැතිය තුළ පවා එතුමියට හිමි තැන ලැබුණි. අන්නියෝකයේ ඉග්නාසියුස් මුණිතුමා සඳහන් කරන විශ්වාසයේ අභිරහස් තුන අතරින් දෙකක් මරියාවන් පිළිබඳව විය. එනම් මරියාවන්ගේ කන්‍යාභාවය. ක්‍යාවකගෙන් ලද ක‍්‍රිස්තු උපත හා ස්වාමින් වහන්සේගේ මරණය. 



කලාව තුළ මෙන්ම සාහිත්‍ය තුළ ද එතුමියට හිමිතැන ඒ ඒ කලානු රූපව ලැබී ඇති ඵෙතිහාසික කරුණු අනූව පෙනේ. ක‍්‍රි. ව. 150 සහ 200 අතර සා. ප‍්‍රිසීලා කැටකුම්බි එකේ බිත්තියක නොදන්නා කලාකරුවෙකු විසින් මරියාවන් හා ජේසු බිලිඳු චිත‍්‍ර ගත කර ඇති බව සඳහන් වේ. ලිඛිත නොවූ නමුත් වාචික වූ වර්ෂ 275 සිට කියවෙන දේවමාතාවන් පිළිබඳ යැදුමක්  "Sub Thum Praesidium” නමින් ඉතා ප‍්‍රකටය. (අති ශු. කන්‍යා මරියනි ඔබගේ ආරක්ෂාව පැතුවාවූ) මරිය තුමිය කිසිදා පාපයක් නොකල බව ශු. අම්බ්‍රෝස් තුමා (339-397) ඉගැන් වූ අතර වර්ෂ 431 දී එෆෙසස් මන්ත‍්‍රණ සභාව මගින් මරියාවන් පරිශුද්ධ දේව මාතාවන් බව ප‍්‍රකාශයට පත්කළහ. අදත් එම මංගල්‍ය අපි ජනවාරි මස පළමු දින පවත්වමු. මරිය බැතිය ප‍්‍රචලිත වීමත් සමඟ ආරම්භයේදී ම දෙවි මව්ගේ ගෞරවය සඳහා විවිධ මංගල්‍යන් ප‍්‍රකාශයට පත් කෙරිණ.

වර්ෂ 350 දී මංගලම් ඇසීමේ මංගල්‍ය, මාර්තු 25
වර්ෂ 500 දී දෙව් මව් උපන් මංගල්‍ය, සැප්තැම්බර් 08 
වර්ෂ 600 දී දෙව් මව් ස්වර්ගාරෝපනය වීම, අගෝස්තු 15 

වර්ෂ 800 දී පමණ පෝල් නමැති දේවචාරි තුමෙකු  "Ave Maris Stella" ගීය පද නිර්මාණය කරමින් මරියාවන් සාගරයේ දිඳුළන තරුව බව පළමුවරට ප‍්‍රකාශ කළහ. වර්ෂ 1000 ත් 11000 ත් අතර  "Salve Regina” සහ Alma Redemtorismater යන ගී නිර්මාණය වී තිබේ. මධ්‍යගත යුගයේ ප‍්‍රංශය තුළ සෑම ආසණ දෙව් මැදුරක්ම පාහේ එතුමියට කැප කරන ලදී. ලංකාවේ පවා බොහෝ දෙව් මැදුරු එතුමිගේ නමට කැපකර ඇතිබව දක්නට ඇත. එපමණක් නොව බොහෝ ආයතන ද එතුමියට කැප කරැත විවිධ කලාකෘති එතුමියගේ නමින් නිමවීය. සෑම රටකම දෙව් මව්ට කැපකරන ලද විශේෂ සිද්ධස්ථානයක් ඇතිබව දක්නට ලැබේ. එංගලන්තයේ Walsingham ප‍්‍රංශයේ Chaters ඉතාලියේ Loreto ස්පාඤ්ඤයේ Montserrat ඔස්ට්‍රේලියාවේ Mariazell ස්විස්ටර්ලන්තයේ Einsiedeln පෝලන්තයේ Gzestochowa සහ ශ‍්‍රී ලංකාවේ ලංකා අප ස්වාමිදු සිද්ධස්ථානය ඒ අතර වේ. ii වන ජුවාම් පාවුළු පාප් තුමා සොවියට් දේශයේ වැටීම් දෙව් මව්ට බාරකල බවත් 1981 මැයි 13 පාතිමා මාතා මංගල්‍ය දින තමාට වෙඩි තැබූ අලි අක්කාගේ වෙඩි පහරින් මිය නොගියේ එතුමියගේ මැදිහත් කමින් බවත් විශ්වාස කළහ. ඊට පසු වසරේ පෘතුගාලයේ පාතිමා සිද්ධස්ථානය වෙත ගිය වන්දනා ගමනේදී පාප්තුමා තම සිරුරින් ගත් එක් මුනිස්සමක් එතුමිය පාමුල තැබීය. වර්ෂ 1851 දී ix වන පියුස් පාප් තුමා එතුමිය ‘‘මවුවරුන් අතර උත්තම මාතාව’’ ලෙස හැදින්විය. 






දෙව්මවුගේ විශේෂ මංගල්‍යයන් : 


ජනවාරි          01 පරිශුද්ධ දේව මාතාවන්ගේ මංගල්‍ය
පෙබරවාරි       02 කානික්ක දේවමාතා මංගල්‍ය
පෙබරවාරි       04 ලංකා අප ස්වාමිදු මංගල්‍ය 
පෙබරවාරි       11 ලූර්දු දේවමාතා මංගල්‍ය 
මාර්තු             25 මංගලම් ඇසීමේ මංගල්‍ය 
මැයි               13 පාතිමා මංගල්‍ය
මැයි              31 බැහැදකින්නට යෑමේ මංගල්‍ය 
ජුනි                    නිර්මල හෘදයේ මංගල්‍ය 
ජූලි                16 කාර්මෙල් දේවමාතා මංගල්‍ය 
ජූලි                     සින්දාත‍්‍රි දේවමාතා මංගල්‍ය 
අගෝස්තු        15 ස්වර්ගාරෝපණ මංගල්‍ය 
අගෝස්තු       22 මරිය රැජිණ මංගල්‍ය
සැප්තැම්බර්     08 මරිමව් උපන් මංගල්‍ය
සැප්තැම්බර් තුෂාරයේ අප ස්වාමිදු මංගල්‍ය
සැප්තැම්බර් 12 මරිය යන ශ‍්‍රී නාමයේ මංගල්‍ය
සැප්තැම්බර් 15 වික්‍ෂ්ප මාතා මංගල්‍ය 
ඔක්තෝබර් 07 ජපමාල මාතා මංගල්‍ය
නොවැම්බර් 21 දෙව්මව් ඔප්පු කිරීමේ මංගල්‍ය 
ෙදැසැම්බර් 08 ජම්මදෝශයෙන් නිර්මළව පිලිසිදීමේ මංගල්‍ය 
දෙසැම්බර් 12 ග්වඩලූපේ හී අප ස්වාමිදු මංගල්‍ය 
                         ගර්භවාස දේවමාතා මංගල



( කතෝලික සාන්තු චරිත )

ලිපි පළකිරිම - රංජන් ද මැල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි)




No comments:

Post a Comment