දීව්‍ය සත්ප්‍රසාදයේ මාතාව.......Lead us to Christ, O Mary Our Mother.....
Tuesday, December 3, 2013
වසර 125 සමරණ දිව්යගැළවූම්කාරයාණන්ගේ සොහොයුරියෝ (සැල්වටෝරියන්)
දිව්යගැලවූම්කාරයාණන්ගේ පැවදි නිකාය, ආරම්භ වූයේ 1888 දෙසැම්බර් 8 වෙනි දින, තෙරේසා වොන්වූලන්වෙබ නම් ධනවත් සිටු කුමරිය, අපෝස්තුළුවරුන්ගේ මරියා යන නමින්, අප නිකායේ ප්‍රථම කන්‍යා සොයුරිය වීමෙන්ය.
ඉතිහාසයෙන් බිඳක් -
මිනිස් ජීවිත වලට විශාල බලපෑමක් ඇති කරමින් 19 ශත වර්ෂය ජර්මනිය තුළ ආර්ථික, දේශපාලන, සමාජීය සහ ආගමික විපර්යාසයන් රාශ්රීයක් ඇති වූ යූගයක් විය. ඒ වෙනස් වීම් මිනිස් ජීවිත වල වර්ධනයට කිසිසේත් හිතකර නොවුන බව අපි දනිමු.
දිව්යගැළවුම්කාරයාණන්ගේ පැවදි නිකාය බිහිකළ තෙරේසා වොන්වූලන්වෙබ ජර්මනියේ උපත ලැබුවේ මේ කාලය තුළය.(1833.02.19)
තියඩෝ වොන්වූලන්වෙබ සහ එලිස් ලෙෆ්ර්ට් නම් දැහැමි ධනවත් සිටු පවුලේ ගැහැණු දරුවන් 5 දෙනෙකුගෙන් වැඩිමහල් දියණිය ලෙස ඇය උපත ලැබීය. කාලයක් සමඟ වැඩුණු ඇය තම මව සමඟ පැල්පත් වල වෙසෙන අසරණ ජනතාව නිතර නිතර බැහැදැකීය. එම පීඩාකාරී ජීවිතයන් ඇය සියැසින් දිටීය. පැල්පත් වල වෙසෙන කුඩා දරුවන් සහ තරුණියන් ගතකරණ ජීවිතය ඇගේ ජීවිතය වෙනස් කළේය. මෙම ජීවිත වලට නව ජීවයක් ලබාදීමට බලාපොරොත්තු වීමෙන්, තම පියාගෙන්, තමාට අයිතිවිය යුතු ධනය ලබාගනිමින් ඇය "බාර්බරා" නමැති ආයතනය ආරම්භ කළේය. එමඟින් දරුවන්ගේ සහ තරුණියන්ගේ යහ ජීවනය සඳහා නොයෙකුත් ආකාරයේ වැඩ සටහන් ආරම්භ කළේය.
ළදරු අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය, දෙවිඳුන් ගැන කියාදීම, නූගත්, අසරණ, දුප්පත් බවින් මිදීමේ ක්‍රම විධි පෙන්වා දීම ඉන් සමහරකි. මෙයින් නොනැවතුන ඇය, සිටූ ජීවිතය ත්‍යාජ කරමින්, තම දර්ශනයට අනුව, කාලයට ප්‍රතිචාර දක්වමින්, පැවදි ජීවිතයට සිත යොමු කරමින් ඒ ගැන සොයන්නට විය. සිටූ පවුලේ සෑම අනාගත ක්රියාදාමයක්ම තම වැඩිමල් දියණියට භාර දීමට පියා බලාපොරොත්තු විය. එම බලාපොරොත්තු සිඳලමින් තෙරේසා වොන්වූලන්වෙබ තම ජීවිතය දෙවිඳුන්ට පුද කිරීමට බලාපොරොත්තු විය. ශුද්ධවූ සභාවට මුහුණ දීමට සිදු වූ අඳුරු කාල පරිචේදය තුළ දෙවියන්වහන්සේ කෙරෙහි විබාසය ක්‍රියාත්මක කිරීමට නොහැකි කාලයක් විය. මෙම අසීරු කාලය තුළ ක්‍රිස්තියානි ජීවිතය සෑම කෙනෙක් තුළම ජීවත් කිරීම ඇගේ අරමුණ විය. ඒ අනුව තම සප්රීතුව ක්‍රියාත්මක කිරීමට හැකි පැවදි නිකායක් ඇය සොයන්නට විය.
ජේසු නිකායික පියවරුන් මේ පීඩන කාලයේදී ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කිරීමට බොහෝ උත්සාහ දැරීය. විවිධ අධ්‍යාත්මික අභ්‍යාසයන් ක්‍රියාත්මක කළේය. මෙම පියවරුන්ගේ ආගමික මෙහෙයන්ට සහභාගි වූ ඇය එමඟින් තම ඉදිරි ගමනට අවශ්‍යය දේව ශක්තිය ලබා ගත්තාය.
දුත කාර්යයන්
මෙම කාලයේදී සැල්වටෝරියන් නිකාය ආරම්භ කළ ගරු ප්‍රැන්සිස් ජොර්දාන් පියතුමා ඇයට හමුවිය. දේව රාජ්‍යය ලොව තුළ පහළ කිරීම පිළිබඳ මේ දෙදෙනාගේ අදහස් එක හා සමාන විය. විශේෂයෙන් දෙවියන් නොහඳුනන රටවලට දෙවිඳුන් හඳුනා දීමත්, ක්‍රිසතියානි රටවල ජනතාවගේ විශ්වාසය තව දුරටත් වර්ධනය කිරීම ප්‍රන්සිස් ජෙර්දාන් පියතුමාගේ සහ අප නිර්මාතෘවරියගේ ආශාව විය.
ප්‍රන්සිස් ජොර්දාන් පියතුමාගේ අදහස් හා එකඟවෙමින්, කාලයේ අවශ්‍යතාවයන්ට පිලිතුරු දෙමින් ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම තුළ එතුමිය අපෝස්තුළුවරුන්ගේ මරියා යන නමින් 1888 දෙසැම්බර් 8 දින සැල්වටෝරියන් නිකායේ පළමු සොයුරිය විය. එතුමියගේ ජීවිතාදර්ශය අනුගමනය කරමින් මෙම කාලයේදී තරුණ ගැහැණු ළමුන් දේව සේවය සඳහා ජීවිත පුද කිරීමට ඉදිරිපත් විය. ශුද්ධවූ සභාවේ අවශ්‍යතාවයන්ට සහ දෙවියන් නොදන්නා රටවලට දෙවිඳුන් හඳුන්වා දෙමින්, දේව වචනය, දේව දයාව ලොවපුරා පතළ කිරීමේ අදහස මුල්කර ගනිමින් ප්‍රථම මිෂනාරි සේවය ඉන්දියාවේ අසාම් ප්‍රදේශයෙන් ආරම්භ කළේය.
වසර 125 සමරණ අප සොයූරියන් මේ වනවිට රටවල් 30 පමණ සේවාවන්හි යෙදී සිටිති. දේව ජනතාවගේ සහ ලොවැසී ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන්ට තම සේවාවන් දායාද කරමින් විවිධ භාෂාවන්, සංස්කෘතීන්, සමාජීය පැවතුම් හා වෙනස්කම් තම ජීවිත වලට උරා ගනිමින් අර්ථවත් සේවාවක් ලොවට ලබාදීමට දිව්යගැළවූම්කාරයාණන්ගේ පැවදි සොයුරියන් අද සමත්ව ඇත. එක් ආකාරයක සේවාවකට පමනක් සීමා නොවී විවිධ සේවාවන් තුළින් එදා ලොවට සහ අද නූතන ලොවට අවැසි සේවාවක් ඉටු කරයි.
ශ්‍රී ලංකාව
මෙලෙස ව්‍යාපත වූ අප නිකායේ සොයුරියන් ශ්‍රී ලංකාවට 1954 පෙබරවාරි 04 දින පැරණියේ එවකට හලාවත රදගුරු එඞ්මනඞ් පීරිස් හිමිපාණන්ගේ ඇරයුමට ප්‍රතිචාර දක්වමිනි. හදපිරි බැතියෙන් මේ මොහොතෙහි අපි එතුමාණෝ සිහි කරමු.
ලංකාවට පැමිණි මෙම සොයුරියන් කුරුණෑගල රජයේ රෝහළ තුළින් සාත්තු සේවය ආරම්භ කළේය. ටික කළකින් රාජ්‍ය සේවයෙන් ඉවත්වූ මෙම සොයුරියන් මාරවිල, සාන්ත ආනා සාත්තු නිවාසය තුළින් තව දුරටත් ව්‍යාපත් විය. මෙම සේවය දුටු ලාංකීක තරුණියන් කිහිප දෙනෙක් කන්‍යා සොයුරියන් වීමට ඉදිරිපත් විය. එම පැවදි සොයුරියන් අදත් අප නිකායට මහඟු සේවාවක් ලබා දෙති.
අප අද ලාංකීය ශුද්ධවූ සභාවට පදවි 7 තුළින් විවිධ සේවාවන් කරනු ලබයි. කුරුණෑගල, අබන්පොළ, මාකඳුර, අම්පිටිය, කටුගස්තොට, හෙළහල්පෙ, ඉලූප්පෙයිකුලම්, කොළඹ, මාබෝල, කඳාන, කුරණ, විජය කටුපත. ජාත්‍යන්තරව, ජෝර්දානය, පකිස්ථානය, ඉතාලිය තුළ සේවය කරයි.
අප ලද තවත් ජයග්‍රහණයක් වූයේ ශ්‍රී ලාංකීක සොයුරියන් සමඟ එකතු වීමට දිව්යගැළවූම්කාරයාණන්ගේ පූජක වරන් ශ්‍රී ලංකාවට පැමිණීමයි. හලාවත් රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ අවසරයෙන් එම පියවරුන් තම සේවය හලාවත පදවිය තුළින් අරඹන ලදී. ශ්‍රී ලාංකීක තරුණ පූතුන් කිහිප දෙනෙක් ඔවුන් යටතේ අධ්‍යාපනය ලබමින් පූජකවරුන් වීම සඳහා පුහුණුව ලබති. මේ වන විට ශ්‍රී ලාංකීක පූජක වරුන් කිහිප දෙනෙක්ද අපට උරුමව ඇත.
එසේම ගිහි සැල්වටෝරියන් කණ්ඩායමක්ද අද අප සතුව ඇත. ඔවුන් අප සප්රීතුව තුළ ජීවත් වෙමින් දේව රාජ්‍යය වෙනුවෙන් කැපවූණ සේවාවක් ඉටු කරන්නීය.
සූරදුත ළමා සමාජයද, සැල්වටෝරියානු තරුණ කැළඳ අපට ලැබුණ දායාදයන්ය. අප කන්‍යාසොයුරියන් ලොව තුළ සහ අප රට තුළ ක්‍රියාකාරි අපෝස්තලික සේවාවක් ඉටු කරන්නීය. මෙවැනි අර්ථවත් සේවාවක් කිරීමට අප ශක්තිය ලබාගත්තේ කාගෙන්ද? දෙවි පියාණන්ගෙනි, පැවදි නිකායක් ලෙස එක්වෙමින් මේ මොහොතෙහි අපි දෙවිපියාණන්ට සතුති පූර්වකව වැඳ නමස්කාර කරමු.
පැවදි නිකායක් ලෙසින්, මෙතෙක් ආ දීර්ඝ ගමන දුෂ්කර වුවාද නොවේ. ඒ ගමන තුළ අප දෙවිඳුන් අත් දුටුවෙමු. දේව ආදරය, දේව කරුණාව අප ජීවිත පූරාම ගලාගිය බව, ගලායන බව අත් දකින්නෙමු. මෙවැනි ආදරයක් දෙවිඳුන්ගෙන් අත් දකින අප ඉදිරියටත් අපේ සේවය ඉත සිතින් හා ආදර බැතියෙන් අප උපන් දේශයට, අප ලාංකීය සභාමාතාවට පුද කරන්නෙමු. අප නිකායේ ප්‍රාදේශීය නායිකාව ලෙස ගරු ඩල්සි ප්‍රනාන්දු කන්‍යා සොයුරිය මහඟු සේවාවක් ඉටු කරන්නීය.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අප ආ ගමනට විවිධ ආකාරයෙන් සහයෝගය දැක්වූ, අත හිත දුන් ශ්‍රී ලාංකීය අගරදගුරු තුමන්ලා ඇතුළු, සමස්ත රදගුරු මංඩලයටත්, ගරු පූජකතුමන්ලා ඇතුළු සෑම නිකායකම, ගරු සොහොයුරන් සහ කන්‍යා සොයුරියන්ටත්, අප ආදර දෙමාපිය සොයුරු සොයුරියන්ටත් අප හා එක්ව ක්‍රියා කරන ගිහිජනතාවත් ආදරයෙන් හා ගෞරවයෙන් සිහි කරමු.
අප දේශය තුළ ආ ගමන සිහිපත් කරමින් සහ ඉදිරි ගමනට ආසිරි පතමින් 2013 දෙසැම්බර් 08 දින කුරුණෑගල, බමුණවල අප ප්‍රධාන කන්‍යාරාමයේ අති උතුම් මැක්ස්වල්ඞ් සිල්වා රදගුරුතුමාගේ ප්‍රධානත්යෙන් තුති පිදීමේ දිව්‍ය යාගය පවත්වනු ලබයි.
සිස්ටර් මර්සි ප්‍රනාන්දු, (දී.ගැ.නී)
Published by: Ranjan De Mel.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment