Tuesday, December 17, 2013

බැහැදැකීම තුළ ඇති දේව ධාර්මික දැක්ම



"දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහුව 
ගොස්,  සෙකරියස්ගේ  ගෙට  ඇතුළු  වී,  එලිසබෙන්  හට  ආචාර  කළාය. 
එලිසබෙත්  මරිය  තුමියගේ  ආචාර  බස්  ඇසූ  කළ  ඇගේ  කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, මහා හඬින් උදම් අනමින්, "ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය".


මාගේ  සමිඳාණන් වහන්සේගේ  මෑණියන් මා  වෙත  පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප‍්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන්  හට දුන් පොරොන්දුව  ඉටුවන්නේම  යයි  විශ්වාස කළ  තැනැත්තී භාග්‍යවන්ත  ය’  යි  කීවාය”  (ලූක්  1  :  39  -  45)

එලිසබෙත් තුමියගේ කුසේ ඵලය සමස්ත මානව සංහතියටම ඵල දරන 
ජීවිතයක්  ගත  කරන  ලදී.  මානව  සංහතියට  සුවිශේෂ  සේවයක්, සෙතක්  සහ සහනයක්  සිදුවන්නේ  දෙවියන්  වහන්සේගේ  සමස්ත සැලැස්මට  එකඟව සහ  ඊට  සහයෝගයෙන්  කටයුතු  කිරීමෙන්  පමණි. මානව  සංහතියට  උපරිම යහපතක්  සිදුවන්නේ  දෙවියන්  වහන්සේට සේවය  කරන  විට  පමණි. දෙවියන්  වහන්සේට  සේවය  නොකර  තම අසල්වැසියාට  සේවය  කළ නොහැකිය.  අසල්වැසියාට  කරන  සේවයේ ගුණාත්මකභාවය  පදනම් වන්නේ  දෙවියන්  වහන්සේ  සමඟ  පවතින සෙනෙහසාත්මක  සම්බන්ධතාවය මතයි.


මෙම  ආදර  සබඳතාවය  නොමැතිව  කරන සේවය  ස්වයං  සේවයකි. 
(Self- Service) , වෙනත් සැඟවුණු අරමුණු වෙනුවෙන් කරන සේවයකි, 
ස්වයං  මහිමය  සහ  ස්වයං  ප‍්‍රශංසාව  ශ‍්‍රී  ලංකාවේ  වර්තමාන  තත්ත්වය 
මෙසේ  නොවේද?

යම්  පුද්ගලයෙකුගේ  ශ්‍රේෂ්ඨත්වය  පදනම්  වන්නේ  එම  පුද්ගලයා  දේව කැමැත්තට  අනුව  ජීවත්  වන  ප‍්‍රමාණයටය.

'දේව  දුතයා  ඔහුට  කතා  කොට,  ‘සෙකරියස්,  බිය නොවන්න.  මන්ද, ඔබේ  යාච්ඤාව  අසනු  ලැබීය.  ඔබේ  බිරිඳ  එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නීය. ඔහුට ජොහාන් යයි නම් තබන්න. සතුට සහ සොම්නස ඔබට ඇතිවේ. බොහෝ දෙනා ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් පී‍්‍රති  වන්නාහ. මන්ද,  ඔහු  සමිඳාණන්  වහන්සේ  අබිමුවෙහි  ශ්‍රේෂ්ඨ  වන්නේය. ඔහු මිදියුසවත්,  මත්පැන්  වත්  නොබොන්නේය.  මව්  කුස  සිටම  ඔහු ශුද්ධාත්මයාණන්ගෙන්  පූර්ණ  වන්නේය.ඔහු  ඊශ්රායෙල්වරුන් බොහෝ දෙනෙකු  ඔවුන්ගේ  දෙවි  ස්වාමින්  වහන්සේ  වෙත හරවන්නේය.  ඔහු මවුපියන්  හා  දරුවන්  සමඟි  කරවන  පිණිසද, නොදැමුණු  ජනයන් දමිටුන්ගේ  ප‍්‍රඥාවට  හරවන  පිණිසද,  සැදී  පැහැදී සිටින  සෙනඟත් සමිඳාණන්   වහන්සේට  සූදානම්  කර  දෙන  පිණිසද එලියාගේ ආත්මානුභාවයෙන්  හා  බලයෙන්  උන්  වහන්සේට  පෙරටුව යන්නේය’  යි  කීය. (ලූක්  1  :  13  -  17)

මිනිස්  ජීවිතයක  සාර්ථකත්වයේ  මිම්ම  එම  ජීවිතය  දේව කැමැත්තට අනුව හැඩ ගැසෙන ප‍්‍රමාණයයි. දේව සැලැස්ම මනාව අපගේ එකම සැකැස්මයි.  දැනුවත්ව  හෝ  නොදැනුවත්ව  සෑම  පුද්ගලයෙක්ම ඇතුළාන්තයෙන්ම  සොයන්නේ  දෙවියන්  වහන්සේගේ  කැමැත්තයි, මිනිස් හදවතේ  ගැඹුරුතම  ප‍්‍රාර්ථනාව  දේව  සැලැස්මට සම්පූර්ණයෙන්ම නතු වීමයි.

එලිසබෙත් තුමිය ශුද්ධාත්මයාණන්ගෙන් පිරී සිටියේය. (ලූක් 1 : 41) එම 
ශුද්ධාත්මයාණන්  වහන්සේම  මරිය  තුමිය  තුළත්  ක‍්‍රියාත්මක  වූනි;  

දේව දුතයා  ඈට  උත්තර  දෙමින්,  "ශුද්ධාත්මයාණන්  වහන්සේ  ඔබ කෙරෙහි  පහළ වන  සේක.  පරමෝත්තමයාණන්ගේ  ආනුභාවයද  ඔබ වසා  ගන්නේය.  (ලූක්  1 :  35)". උන්  වහන්සේගේ  මෑණියන්  වූ  මරිය තුමී  ජෝසෙප්  හා  විවාහ ගිවිසගෙන සිටියදී, ඔවුන් එක් වන්න පෙර ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන  සිටින  බව  දැනගන්නා  ලදී. (මතෙවි  1  :  18).





"දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි” 
(මතෙව්  1  :  20)

ස්නාවක  ජොහාන්  තුළත් එතුමාගේ  උපතේ  සිටම  ක‍්‍රියාත්මක වූයේ මෙම ආත්මයාණන්  වහන්සේය;  "මව්  කුස  සිටම  ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ  වන්නේය.  (ලූක්  1  :  15) සිමියොන්  දිවැසිවරයා  තුළින්ද  ක‍්‍රියාත්මක  වූයේ  එම  ආත්මයාණන් වහන්සේමය. "

එකල සිමියොන්  නම්  මිනිසෙක් ජෙරුසලමෙහි විසීය... ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩ හුන්හ. සමිඳාණන් වහන්සේ අභිෂේක කළ ක‍්‍රිස්තුස් වහන්සේ දක්නට  පළමුවෙන්   ඔහු   මරණය  නොදක්නේය’   යි ශුද්ධාත්වයාණන්  විසින්  ඔහුට  අනාවරණය  කරනු  ලැබ තිබිණි .  ඔහු  ශුද්ධාත්මානූභාවයෙන්   දේව  මාලිඟාවට
පැමිණියේය”  (ලූක්  2  :  25  -  27) සෙකරියස්   තුමාද  ආත්මයාණන් ගෙන්  පූර්ණව කටයුතු   කළේය.  ”ජොහාන්ගේ  පියා  වූ   සෙකරියස්
ශුද්ධාත්මයාණන්ගෙන් පූර්න ව දිවැස් වැකි පවසමින් මෙසේ 
කීය”  (ලූක්  1  :  67) ක‍්‍රිස්තුස්  වහන්සේ  තුළත්  දිගින්  දිගටම ක‍්‍රියාත්මක වූයේ,  උන්වහන්සේව  මෙහෙය  වූයේ  මෙම ශුද්ධාත්යාණන් වහන්සෙය ; ශුද්ධාත්මයණෝ පරවියෙකුගේ රූපාකාරයෙන්  උන්  වහන්සේ  කෙරෙහි  පහළ  වූ  සේක.  එවිට  : 


"ඔබ මාගේ ප‍්‍රියාදර පුත‍්‍රයාණෝය; ඔබ කෙරෙහි ඉතා ප‍්‍රසන්න වී සිටිමි”  




යි අහසින් හඬක් නික්මිණි (ලූක් 3 :  22). "ජේසුස් 
වහන්සේ  ශුද්ධාත්මානුභාවයෙන්  පූර්නව  ජෝර්දානෙන්  ආ 
පසු  ආ  විට  ආත්මයාණන්  වහන්සේ  විසින්  උන්  වහන්සේ 
පාළුකරයට  ගෙන  යනු  ලැබූ  සේක"  (ලූක්  4  :  1)

"තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්තව ගලීලයට පෙරළා වැඩිය සේක” (ලූක්  4 :  14).  ”සමිදාණන් වහන්සේගේ  ආත්මය  මා කෙරෙහි  ඇත.”  (ලූක්  4  :  18) ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මෙහෙය වීමේදී එක තීරණාත්මක  සිද්ධියකින්  උන්  වහන්සේට  සමස්ත මානව ඉතිහාසයටම  බලපෑමක්  කළ  හැකි  දෙයක්  ඉටු  කර  ගත හැකිය.  එහිදී  එක  සිද්ධියක්  අනිත්  සෑම  සිද්ධියකම  මූලික පදනම බවට පත්වේ. ආත්මයාණන් වහන්සේගේ බලපෑමක් නොමැතිව කිසිදු   දීර්ඝ කාලීන බලපෑමක් මිනිසුන්ගේ ජීවිත තුළ  සිදු  කළ  නොහැකිය.

ශුද්ධාත්මයාණන්   වහන්සේගේ   ක්‍රියාකාරීත්වයේ ඍජු ප‍්‍රතිඵලයක් වන මරිය තුමියගේ කුසයේ ඵලය සමස්ත මානව සංහතිය සඳහාම ඵල දරණ පරිපූර්ණ ජීවිතයක් ගත කරන  ලදි.  

එලිසබෙත්  තුමිය  අතින්  සිදු  වූ  වැදගත්ම කාර්යභාර්ය නම් ජේසුස් වහන්සේට උන් වහන්සේ උපතටත් පෙර  සාක්ෂි  දැරීමයි.  "මාගේ  සමිදාණන්  වහන්සේගේ මෑණියන්  මා  වෙත  පැමිණීමට  තරම්  මම  කවරෙක්ද?"  (ලූක්  1  : 43)  අපත්  එතුමිය  මෙන්  උන්  වහන්සේට  සාක්ෂි  දරනවාද?

එමෙන්ම  එලිසබෙත්  තුමිය  තුළත්,  මරිය  තුමිය  තුළත්, ස්නාවක ජොහාන්  තුළත්,  සිමියොන්  දිවැසිවරයා  තුළත්, සෙකරියස්  තුමා   තුළත්  ජේසුස්  වහන්සේ  තුළත්  ජීවමානව ක‍්‍රියාත්මක  වූ ශුද්ධාත්මයාණෝම  ඔබගේත්,  මගේත්  ජීවිත තුළ මේ  මොහොතේ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන අවදි විය යුතුවේ. ඉහත සඳහන් චරිත අපට නිවැරදිව සහ ගැඹුරින්ම තේරුම්  ගත  හැක්කේ  එවිටය.


"දරුවා   වැඞී,   ආ ත් මා නූ භා වයෙන්   බලවත් ව  තමන් ඊශ්රායෙලයට  ප‍්‍රකාශ  වන  දිනය  දක්වා  පාළුකරයෙහි සිටියේය”  (ලූක්  1  :  80)
ඔබ  කුස  ඔත්  දරු  ඵලයද  ආශිර්වාද  ලද්දේය.

මහාචාර්ය ඇන්ටන් මීමන

(පල්ලන්සෙන බ්‍රහස්පතින්දා යඤා කණ්ඩායමේ ප්‍රකාශනයක් වන "ආලෝකය වේවා" සඟරාවෙන් උපුටා ගන්නා ලදි.)

රංජන් ද මැල් 

(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි.)





No comments:

Post a Comment