කි‍්‍රස්තුන් වහන්සේ කුරුසිය මත හෙළු ශ්‍රි රුධිරය.

ස්ත‍්‍රියගේ වංශය ගැන කථා කරමින් ‘ඔහු තාගේ හිස පොඩි කරන්නේය. තෝ ද ඔහුගේ විලූඹ දෂ්ඨ කරන්නෙහිය’ යනුවෙන් උත්පත්ති පොතේ 3:15 පදය පවසයි. එම ප‍්‍රකාශයේ සඳහන් ‘වංශය’ කවරෙක්ද යන්න නව ගිවිසුමේ විග‍්‍රහ කරන්නේ මේ ආකාරයටය.
‘පොරොන්දු දෙන ලද්දේ ආබ‍්‍රහම්ට සහ ඔහුගේ වංශයටය. බහු වචනාර්ථයෙන් ‘වංශයන්ටය’ නොකියා ඒක වචනාර්ථයෙන් ‘නුඹේ වංශයටය’යි උන්වහන්සේ වදාල සේක. ‘වංශය’ යනුවෙන් අදහස් කර ලද්දේ කි‍්‍රස්තුත් වහන්සේය’ ගලාති 3:16 පදය.

‘‘මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත‍්‍ර යයි සලකන අය මත එළුවන්ගේත් ගෝනුන්ගේත් ලේ ද එළු වැස්සියන්ගේ අළු ද ඉසීමෙන් ඔවුහු පාරිශුද්ධිය ලබන්නාහුය. එසේනම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල කි‍්‍රයා වලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මගින් තමන්ම කැළලක් නැතිව දෙවියන් වහන්සේට පූජාවූ, කි‍්‍රස්තුන් වහන්සේගේ ලේ කරණකොට ගෙන ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේද ? හෙබ්‍රෙව් 9:13 සහ 14 පද.
ශී‍්‍ර ලේ වල බලය අසීමිතය. පාපය නිසා අපවිත‍්‍රව ඇති අපගේ හෘදය සාක්‍ෂිය පවිත‍්‍ර කර ගැනීම පිණිස කි‍්‍රස්තුන් වහන්සේගේ ශී‍්‍ර ලේ අද මුළු මිනිස් සංහතියටම ඇති ආධ්‍යත්මක පාරිශුද්ධියට එකම මාර්ගයයි.

ශී‍්‍ර ලේ අපට සපයා දී ඇත්තේ හුදෙක් සැමරීමට පමණක් නොව අදහා සාත් පවිත‍්‍ර කරගෙන පාපයෙන් ගලවනු ලබන පිණිසය.
‘මනුෂ්‍යයෙක් සිතින් ඇඳහීමෙන් දේව-සම්බන්ධතාවයට පැමිණෙන්නේය. මුවින් පැවසීමෙන් ගලවනු ලබන්නේය’ රෝම 10:10 වන පදය.

ජෝ. සංඝපාලආරච්චි - පමුණුගම.
‘‘ශී‍්‍ර ලේ හඬ’’ සගරාවෙන් උපුටා ගන්නා ලදී
රංජන් ද මැල්
(අන්තර්ජාලිය සයිබ අවකාශය තුලත්, දේව වචනය මාංශගතකිරිමකි.)
No comments:
Post a Comment