Wednesday, January 29, 2014

We the little ones, the light of the world, Jesus is our light.

Holy Childhood Sunday.

First Reading. Is. 8: 23b - 9:3.

Prophet Isaiah recalls the earlier times and speaks of the future. This is the messianic time when everything will be settled and a new era will dawn. At that time there will be rejoicing and joy
.
Second Reading. 1 Cor. 1: 10-13, 17.

St. Paul appeals to the Corinthians to live as brothers instead of quarrelling among themselves. He, advices them to stand for the glory of the Cross and not to have divisions among them in following one or the other Apostle.

Gospel. Mt. 4: 12-23.

After John is arrested Jesus goes about preaching the good News. He too preaches a message of repentance; He continues preaching and then chooses a few Apostles from among the disciples. Thereafter He continues the mission of teaching, preaching and healing.


Reflection.


Wednesday, January 8, 2014

සියළු ශුද්ධවන්තයන්ගේ රැජිණිය


සියළුම අවශ්‍යතාවන් හීදී අපගේ මැදහත්කාරිය

ශු. සුවිශේෂයේ සඳහන් වන පරිදි ‘‘විපුල ප‍්‍රසාදලත් උත්තමිය’’ මරියෝත්තමාවන්ය (  දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ''විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය''යි කී ය-ලූක් 1 : 28) මන්ද සමිදාණන් වහන්සේ එතුමිය කුසතුළ ජනිත වුණි. එම භාග්‍යයේ උතුම්කම ප‍්‍රකාශ කරමින් එතුමිය ගැයූ ගීතය මර්යාවන්ගේ උදාන ගීය විය. 


මරියාවන්ගේ උදාන ගීය


එවිට මරිය තුමී මෙ‍සේ උදන් ඇනුවා ය:

මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි, 



 මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි; 



 මක්නිසා ද,එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.



හැම පරපුරක් ම මෙ‍තැන් සිට, භාග්‍යවන්තී ය'යි මට කියනු ඇත.



පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. 

'පරිශුද්ධයාණෝ' යනු එතුමන්ගේ නාමය ය. 


Monday, January 6, 2014

දිව්‍ය බිළිඳාණන් ලොවට ප‍්‍රත්‍යක්‍ෂවීමේ මංගල්‍යය (2014 වසර ජනවාරි 05)


කිතු උපතට වසර 700කට පෙර දිවස්වරයා ප‍්‍රකාශ කරන්නේ ජෙරුසලම ගොඩ නඟන බවය. දේව ආලොකය එහි වැජඹෙන බව ද සටහන් කරයි. පෙර අපර දිගින් ජනයා එහි එක්වන බව ද ප‍්‍රකාශ කරයි.


( යෙසායා 60: 1-6)
1 ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.2 පොළොව අඳුරෙන් ද ජාතීන් ගන'ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය. 3 ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත. 4 ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති. 5 මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය. 6 ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත. 

Wednesday, January 1, 2014

පරිශුද්ධ දේවමාතාවන්ගේ මාතෘත්වයේ මංගල්‍යය.




ජනවාරි මස පළමු වන දිනය වන අද විශ්ව සභා මාතාවන්ගේ අති උත්සව ශ‍්‍රීයෙන් මරියෝත්තමාවන්ගේ මාතෘත්වයේ මංගල්‍යය සමරන්නීය. ඉපැරණි රෝම දින දර්ශනයට අනුව, 'ඔක්ටෙව්' දිනය හෙවත් Holy day obligation ලෙස පැවැතුණු මෙම දිනය පසුකාලීනව කිතු දහම ව්‍යාප්ත වීමෙන් පසුව මුල් සියවස්වල සිටම මෙම මංගල්‍යය සමරනු ලැබුවේය.


 මෙම මංගල්‍යය මුලින්ම ස්පාඤ්ඤයෙන් හා ප‍්‍රංශයෙන් ආරම්භ වී 07 වන සියවසේ දී රෝමානු පිළිවෙත් සංග‍්‍රහයට එක්විය. එනමුදු 4,5 සියවස්වල සිට ම පෙරදිග සභා පිළිවෙත් වල පැවැති මේ මංගල්‍ය සිදුකරනු ලැබුවේ දෙසැම්බර් 26 දා ය. එය ශුද්ධවු සදා කන්‍යා දේවමාතාවන්ගේ මංගල්‍යය නමින් පෙරදිග පිළිවෙත්වල සඳහන් වුණි.  13,14 වන සියවස් වලදී මෙකී දේව මාතා මංගල්‍යය වෙනුවට ,සමිදාණන් වහන්සේගේ චර්මඡේදනය මංගල්‍යය, ලෙස ආදේශනය කරන ලදී. ක‍්‍රි.ව. 1570 දී  V වන පියුස් පාප්තුමා ත‍්‍රිදෙන්තීනු පිළිවෙත් සංග‍්‍රහයට මේ නමින් ම එනම් ,සමිදාණන් වහන්සේගේ චර්මඡේදනය මංගල්‍යය, නමින් එක් කළ අතර බෙහෙවින්ම මෙම මංගල්‍යය ප‍්‍රචලිත වුයේ පෘතුගාලයේ ය. ඒ ඔස්සේ පෙරදිග රටවල ද මෙම මංගල්‍යය ප‍්‍රචලිත විය. 1931 දී XI වන පියුස් සුදු පියාණෝ ඔක්තෝම්බර් මස 11 වන දින දේවමාතාවන්ගේ මාතෘත්වයේ මංගල්‍යය ලෙස සමස්ත සභාවට නිර්දේශ කෙරුණ ද ii වන වතිකාන කතිකාවතෙන් පසු VI වන පාවුළු ශුද්ධෝත්තම පියතුමාණෝ පෙර තිබු පරිද්දෙන්ම , පරිශුද්ධ දේව මාතා මංගල්‍යය, ලෙස හඳුන්වා දෙමින් ජනවාරි පළමු වන දා සමරන්නට විශ්ව සභාවට ම නියෝග කරන ලදී. එම නිසා ම වත්මන් රෝමානු පිළිවෙත් සංග‍්‍රහය තුළ මෙම මංගල්‍යය අනිවාර්ය අනුස්මරණ මංගල්‍යයක් ද ලාංකේය කතෝලික අප හට එය ද ණය මංගල්‍යයක් වන්නේ ය.

දේවත්වයට මාතෘත්වයක්



 මිනිස් මවිකුසකින් දේවත්වයට උපතක් දිය හැකිද ? යන ප‍්‍රශ්නය ඉතිහාසය පුරා අසන ප‍්‍රශ්නයකි 'ඈ නාසරෙතයේ මරියාය' දේවත්වයට තම කුස තුල ඉඩදීමට තරමි භාග්‍යවන්තියක් වුවාය 

'පරාක‍්‍රමයානන් සිය බාහුවෙන් විකුමිපා උඩඟු සිතැත්තන් විසුරුවා මහ නරපතීන් පහත හෙලා දීනයන් ඉහල නංවන බව සාගිනි වුවන් යහපත් දෙයින් සතප්පවන බව ඇදහු ගැහැනියක් වුවාය' එතරමි බලාපොරොත්තුවක් අපේක්ෂා සහගත අනාගතයක් අවශ්‍ය අපේ රටට අනාථයින් පීඩිතයින් කුසගිනි වුවන් ඉන් මිදෙන හෙට දවසක් පිලිබඳ සිහින දකින ඒ රටේ මිනිසුන්ට පරාක‍්‍රමයාණන් ගෙනෙන්නේ ප‍්‍රතිසංස්කරණය නොව නවෝදයක්ම බව වටහා ගත් දේව මැණියන් වූවාය’