Wednesday, January 1, 2014

දේවත්වයට මාතෘත්වයක්



 මිනිස් මවිකුසකින් දේවත්වයට උපතක් දිය හැකිද ? යන ප‍්‍රශ්නය ඉතිහාසය පුරා අසන ප‍්‍රශ්නයකි 'ඈ නාසරෙතයේ මරියාය' දේවත්වයට තම කුස තුල ඉඩදීමට තරමි භාග්‍යවන්තියක් වුවාය 

'පරාක‍්‍රමයානන් සිය බාහුවෙන් විකුමිපා උඩඟු සිතැත්තන් විසුරුවා මහ නරපතීන් පහත හෙලා දීනයන් ඉහල නංවන බව සාගිනි වුවන් යහපත් දෙයින් සතප්පවන බව ඇදහු ගැහැනියක් වුවාය' එතරමි බලාපොරොත්තුවක් අපේක්ෂා සහගත අනාගතයක් අවශ්‍ය අපේ රටට අනාථයින් පීඩිතයින් කුසගිනි වුවන් ඉන් මිදෙන හෙට දවසක් පිලිබඳ සිහින දකින ඒ රටේ මිනිසුන්ට පරාක‍්‍රමයාණන් ගෙනෙන්නේ ප‍්‍රතිසංස්කරණය නොව නවෝදයක්ම බව වටහා ගත් දේව මැණියන් වූවාය’ 


එසේනම් දයාබර මිනිසුනි යුධ කෝලහාලවලදීද අනේකාකාර අනතුරු වලදීද අපගේ සහයට වැඩිය මරිය මෑණියන් පීඩිතයින් දීනයන් සාගිනි වූවන් ඉහල නංවන දෙවිදුන් ඉදිරියේ අප වෙනුවෙන්ද මැදිහත් වන්නාහ 

'උදාවන මේ නව වසරේ එම නවෝදය සඳහා අප සුදානමිද? නැතිනමි හුදු ප‍්‍රතිසංස්කරණය තුලම ගිලී යමුද?අප සිතිය යුතුව තිබේ'  

ඡේසුතුමන් අහමිබයක් නොවේ 'එතුමන් ඓතිහාසිකය' එනම් ඉතිහාසයේ නිර්මාණයක් වෙයි 'එතුමන්ගේ පැමිණිම යනු කිසියමි නිශ්චිත ඓතිහාසික කි‍්‍රයාවලියක ප‍්‍රථිපලයකි’ එලෙසම එම ගැළවිමේ කි‍්‍රයාවලිය තුල එතුමන් විශ්වීය වෙයි  'එතුමන් ඇල්ෆා සහ ඔමේගා වෙයි’ එනමි ආරමිභය හා අවසානය වෙයි’ඒ බව දකින්න ඒ අනුව කැඩෙන්න බිඳෙන්න ඇති සුදානම තුල අපද එතුමන්ගේ ගැළවීමට පංගුකාරයන් වෙමු. 'මා නිසා නින්දා අපහස විඳින කල ඔබ භාග්‍යවන්තයෝයයි එතුමන් කියන්නේ එබැවිනි' ජේසු තුමන්ගේ දුත මෙහෙවරට ප‍්‍රථම ආරාධනාව මරියතුමියගෙනි 


 'අනෙකාගේ අවහ්‍යතාවයට සංවේදී හදවතක් සහිතව එතුමිය එම ආරාධනාව කරනු ලබයි'  

අවශ්‍යතාවයට සංවේදී කිතුණු හදවතක් පවත්වා ගත යුතු තැනකදී අප කරන්නේ කුමක්ද? එය ඉටු නොකරන්නට හේතු සොයමින් තර්ක කරමින් එම අවස්ථාව මගහරිමින් සිටිමු  'අනෙකාගේ අවශ්‍යතාවය පිපාසය වන විට අප එම පවස නිවන්නට කිසිවක් නොකර බලාසිටින්නෙමු'  අනෙකාට කුසගිනි වන විට අප අපගේ අතිරික්ත ආහාර කල්ඉකුත් වීම නිසා ඉවතලමින් සිටිමු  'අනෙකාගේ අවැසිතාවය දෙපා වන විට අප මිරිවැඩි සඟලකට අරගල කරමු'  අනෙකාගේ අවශ්‍යතාවය සාමය වන විට අප යුද්ධයට ජයකොඩි දමමින් සිටිමු 'මරිය මෑණියන්ට නමෝ මරියනී කියා ඇමතීමට නමි එවන් සංවෙදී හදවතක් අප සතු විය යුතුයි ඒ සඳහා තීරණයක් අපගත යුතුය'

කිතු සමිඳණන්ගේ විමුක්තිය සියල්ලන්ටය එය ඡුදා ජාතින්ට පමණක් නොවේ 'එම විමුක්තිය ඉදිරියේ රඡුන් කැලඹෙන අතර එඬේරුන්ට එය සුභ ආරංචියකි' අප රට තුල ජාතින් අතර වඩාත් උසස් කවුද යන්න ප‍්‍රශ්නයකි. නමුත් කිතු සමිඳණන් අපට කියාදුන් යැදුම තුල අප දෙවිඳුන් අමතන්නේ "ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණනි" කියාය 'ස්වර්ගයෙහි වැඩසිටින සිහළුන්ගේ පියාණනි හෝ දෙමළුන්ගේ පියාණනි කියා හෝ අපි නොඅමතමු’ එහෙයින් කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උසස් හෝ පහත් වන්නේ කෙසේද යන්න අපි ප‍්‍රශ්න කරගත යුතු වෙමු. මන්දයත් කිතු සමිඳුන්ගේ විමුක්තිය සිහළුන්ට පමණක් නොවන නිසාත් දෙමළුන්ට පමණක් ද නොවන නිසාත්ය පෙරදිගින් ආ ශාස්ත‍්‍රවරුන් අපට අපේ රටට ලබා දෙන මහඟු ආදර්ශය එයයි.




No comments:

Post a Comment