Tuesday, December 31, 2013

TO BE POOR AS MARY WAS POOR


Mary is the Mother of all Christians and since the vast majority of Sri Lankan Christians are poor, she is truly the Mother of the poor. By venerating her and learning from her, the poor can benefit the most and nourish their souls perpetually. She was a quiet missionary and true revolutionary.

mary-10
All significant events in human history begin quietly and unassumingly. This truth is universal at all times and in all places. She was the voice of the poor, spoke on behalf of the poor and served the poor by totally being obedient to the God of the poor. The mother of the Redeemer of the whole human race is a poor woman from Nazareth. The poor people all around the world must make her a family member and she is also very much willing to become a family member and then no family will ever experience any loneliness, or meaninglessness.

Mary at Cana prefigures Mary at Calvary




The wedding feast at Cana is not to be understood in isolation. It prefigures the paschal mystery especially the definitive and perfect manifestation of His glory in the resurrection. In the Gospel of St. John not just the resurrection but the entire paschal mystery - the passion, death and resurrection is called our Lord’s exaltation or being “lifted up.” Thus He is manifested as Lord God: “When you have lifted up the Son of Man, then you will know that I am He” (= God, divine) (Jn 8:28). Cana is to be interpreted in the context of our Lord’s “hour,” the hour that had “not yet come”.
The first indication of this key to interpretation occurs in the opening and closing words of the story of Cana.: “and on the third day... He manifested His glory” (John 2:1,11), thus prefiguring the perfect manifestation of His glory in His “hour”. (In the Gospel of John, the first twelve chapters are called “the book of signs” while the rest is called “the book of the hour/ glory.” Thus chapter 13 begins with the hour and the book ends with resurrection in chapters 20-21.)

Sunday, December 29, 2013

Mary Exemplar of Our Faith

 “Blessed is she who believed” Luke 1/45


Let me begin this reflection on Mary as exemplar of our faith with a story told by Cardinal Suenens. It seems Father Karl Rahner was asked why there has been a decline in devotion to Mary. Father Rahner’s reply was most interesting. He said that all Christians, Catholics and protestants alike, who face the common temptation of turning the central truth of the faith into abstractions and abstractions have no need of mothers” (cf. Cardinal Suenens, “Mary in the World of Today”, L’Osservatore Romano. June 15,1972).

Today we still face the temptation to reduce the faith to a series of abstractions. In teaching, in pastoral practice, in confronting social evils, the Church must be vigilant lest her living Faith be reduced to a mere intellectual or mythical system, to any ideology, to “the spirit of the age”. The sorrowful Mother and the beloved disciple did not come to Golgotha to consider theories about mercy and Redemption:

Tuesday, December 17, 2013

බැහැදැකීම තුළ ඇති දේව ධාර්මික දැක්ම



"දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහුව 
ගොස්,  සෙකරියස්ගේ  ගෙට  ඇතුළු  වී,  එලිසබෙන්  හට  ආචාර  කළාය. 
එලිසබෙත්  මරිය  තුමියගේ  ආචාර  බස්  ඇසූ  කළ  ඇගේ  කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, මහා හඬින් උදම් අනමින්, "ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය".


මාගේ  සමිඳාණන් වහන්සේගේ  මෑණියන් මා  වෙත  පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප‍්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන්  හට දුන් පොරොන්දුව  ඉටුවන්නේම  යයි  විශ්වාස කළ  තැනැත්තී භාග්‍යවන්ත  ය’  යි  කීවාය”  (ලූක්  1  :  39  -  45)

එලිසබෙත් තුමියගේ කුසේ ඵලය සමස්ත මානව සංහතියටම ඵල දරන 
ජීවිතයක්  ගත  කරන  ලදී.  මානව  සංහතියට  සුවිශේෂ  සේවයක්, සෙතක්  සහ සහනයක්  සිදුවන්නේ  දෙවියන්  වහන්සේගේ  සමස්ත සැලැස්මට  එකඟව සහ  ඊට  සහයෝගයෙන්  කටයුතු  කිරීමෙන්  පමණි. මානව  සංහතියට  උපරිම යහපතක්  සිදුවන්නේ  දෙවියන්  වහන්සේට සේවය  කරන  විට  පමණි. දෙවියන්  වහන්සේට  සේවය  නොකර  තම අසල්වැසියාට  සේවය  කළ නොහැකිය.  අසල්වැසියාට  කරන  සේවයේ ගුණාත්මකභාවය  පදනම් වන්නේ  දෙවියන්  වහන්සේ  සමඟ  පවතින සෙනෙහසාත්මක  සම්බන්ධතාවය මතයි.

මරිය තුමිය රැජිනි වන තැන....ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ රජකම් කරන සේක.


"ජපමාලය”  වචනයට   ඉංග්‍රිසි   භාෂාවෙන් භාවිතා  කරන  ”රෝසරි”  යන  වචනයෙන්  අදහස් කරන්නේ,  රෝස  මල්  ඔටුන්නක්  යන්නයි.  "නමෝ මරියනි”  යාච්ඤාව  කියන  සෑම  විටම,  ඔවුන්  විසින් මරියෝත්තමාවන්ට, අලංකාර රෝස මලක් පුද කරන බවද,  සම්පූර්ණ  ජපමාලයක්  යාච්ඤා  කරන  සෑම විටම,  රෝස  මල්  ඔටුන්නක්  තොමෝට  පුද  කරන බවද,  මරියතුමිය  විසින්  නොයෙක්  පුද්ගලයන්ට අනාවරණය  කර  ඇත.

ශු.  ජපමාල  යාච්ඤාව  තුළ,  අපගේ ගැලවීමේ  ප‍්‍රබල කථා  මාලාව  අන්තර්ගත  වී ඇති  නිසා,  එය  අංග සම්පූර්ණ  යාච්ඤාවක් ලෙස  සැලකේ.  මරියතුමිය  සමග එකමුතු  වී ඔබ  යාච්ඤා  කරන විට,  හදවත් වෙනස්  වීම හා  සිත්  හැරීම  වැනි  උතුම්  තෑගි,  ඔබට 
ලබා  ගත හැකිය.

Tuesday, December 10, 2013

සැබෑ දේව - සම්බන්දතාවයට එකම මගවූ කි‍්‍රස්තුන් වහන්සේගේ ශ‍්‍රී ලේ


 කි‍්‍රස්තුන් වහන්සේ කුරුසිය මත හෙළු ශ්‍රි රුධිරය. 

අපගේ මුල් දෙමව්පියන් යක්‍ෂයා විසින් මුලා කරනු ලැබ දෙවියන්වහන්සේට අකීකරු වීම නිසා මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේත් මනුෂ්‍යයා මනුෂ්‍යයා අතරත් තිබුණ පේ‍්‍රමයේ සබඳතාවය බිඳ වැටුණි. පාපය අතරමැද බිත්තියක ආකාරයෙන් බාධකයක්ව ගැළවුම්කරුවාණන් වහන්සේගේ කුරුසි පූජාව තෙක් පැවතුණි. කි‍්‍රස්තුත් වහන්සේගේ ‘ශ‍්‍රී ලේ’ වලට පමණකි එම පාප බිත්තිය බිඳ හෙලීමට හැකිවූයේ, මන්ද එය දෙවි පියාණන් වහන්සේ විසින්ම මනුෂ්‍යයා පාපයට වැටුණ දිනයේම නියම කරන ලද පාප කමාවේ සැළැස්ම වීම නිසාය. ශ‍්‍රී ලේ පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ සත්‍යතාවය දැණ විශ්වාස කරමු.


ස්ත‍්‍රියගේ වංශය ගැන කථා කරමින් ‘ඔහු තාගේ හිස පොඩි කරන්නේය. තෝ ද ඔහුගේ විලූඹ දෂ්ඨ කරන්නෙහිය’ යනුවෙන් උත්පත්ති පොතේ 3:15 පදය පවසයි. එම ප‍්‍රකාශයේ සඳහන් ‘වංශය’ කවරෙක්ද යන්න නව ගිවිසුමේ විග‍්‍රහ කරන්නේ මේ ආකාරයටය.

Thursday, December 5, 2013

කිතු උපත සහ ඔබ


- මහාචාර්ය ඇන්ටන් මීමන

නාසරෙත් හී ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව වඩා නිවැරදි අර්ථවත් සහ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක්කේ එය තේරුම් ගැනීමට උත්සාහ දරන පුද්ගලයාගේ අඛණ්ඩ අධ්‍යාත්මික වර්ධනයේ සහ ගුණවගාවේ ප‍්‍රතිඵලයක් වශයෙන් පමණි. ක‍්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම යනු තවත් ක‍්‍රිස්තුවරයෙක් (Alter Christus) වට පත්වීමට දෛනිකව ප‍්‍රයත්න දැරීමයි. නත්තලේ ගැඹුරුතම අර්ථය නම් ක‍්‍රිස්තුස් වහන්සේ වැනි ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙකු බවට පත්වීමේ අභිලාෂයට උපත දීමයි.

නත්තල සමරණ පුද්ගලයන් තුල ශුද්ධ ජීවිතයක්, අධ්‍යාත්මික ජීවිතයක්, දැහැමි ජීවිතයක්, අවංක ජීවිතයක් සහ පාප විරහිත ජීවිතයක් ගතකිරීම සඳහා ඇති දැඩි පිපාසය, කැපවීම, උද්‍යෝගය සහ උවමනාව නත්තල සැමරීම සඳහා අනිවාර්යය සහ අත්‍යාවශ්‍ය කොන්දේසියකි. කිතු උපත සැමරීමටත්, පාපයෙන් මිදීමට අප විසින් කරනු ලබන දෛනික අරගලයන් අතර ජීවමාන සහ කිසිසේත්ම වෙන්කළ නොහැකි සම්බන්ධතාවයක් පවතී. නත්තල සමරණ පුද්ගලයන් ඉතා ශුද්ධවන්ත, පිරිසිඳු, අවංක, ධර්මිෂ්ඨ සහ යහපත් ජීවිතයක් දිනපතාම ගතකිරීමට අධිෂ්ඨාන සහගතව කටයුතු කළ යුත්තේ ඒ නිසාය.

Tuesday, December 3, 2013

ජේසුස් වහන්සේගේ උපත


ශුද්ධවර මතෙව්  (1 වන පරිච්ඡේදය: 18-25)


18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.


19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20 එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ..දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න: මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින් 21 ඈ පුතෙකු බිහි කරන්නී ය උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ යයි කීය.

'ආගමන කාලය’



ලතින් භාෂාවෙන් "අද්වෙන්තුස්"  යන නාමයෙන් මෙම කාළය හඳුන්වනු ලැබේ. මෙම වචනයේ ග‍්‍රීක පරිවර්ථනය වනුයේ "පරුෂියා" යන වචනයයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් මෙම සමය  "ඇඩ්වෙන්ට්" කියා හඳුන්වනු ලැබෙ. මෙම වචනයේ අර්ථ වනුයේ පැමිණීම යන්නයි.

අතීතයේ දී මෙම වචනයම විවිධ අර්ථයන් පිළිබිඹු වන ආකාරයෙන් භාවිතා කර ඇත. 

සම්ප‍්‍රදායානුකූලව මෙම වචනයේ අර්ථය පුරාණයේ භාවිතා කරනු ලැබුවේ වාර්ෂිකව දෙවිවරුන්ගේ පැමිණිම සංකේතවත් කරනු වස් ඔවුන් පිළිරූ ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරන ලදී.

මෙම වචනය සඳහා රාජකීය අර්ථයක් ද තිබේ එනම් රජකෙනෙකු ප‍්‍රථමවරට එම තනතුරට පත් වු පසු එම රජතුමා ප‍්‍රථම වරට එම රාජ්‍ය සභාව හමුවීමට පැමිණීම මෙම වචනයෙන් හඳුන්වනු ලැබෙ.

මෙම වචනය සඳහා ක‍්‍රිස්තියාණි අර්ථයක් ද ඇත. ක‍්‍රිස්තියාණි ලේඛණවල සඳහන්වන ආකාරයට මෙය සමිඳුන්ගේ පැමිණීම යි. මෙම පැමිණිම දෙයාකාරයකින් සිඳුවන බව කිතුනු අපගේ විශ්වාසයයි. එනම් ජේසු සමිදාණන්ගේ ශාරීරිකව පැමීණීම හා අවසානයේ විනිශ්චය සඳහා පැමිණීමයි.

වසර 125 සමරණ දිව්‍යගැළවූම්කාරයාණන්ගේ සොහොයුරියෝ (සැල්වටෝරියන්)



දිව්‍යගැලවූම්කාරයාණන්ගේ පැවදි නිකාය, ආරම්භ වූයේ 1888 දෙසැම්බර් 8 වෙනි දින, තෙරේසා වොන්වූලන්වෙබ නම් ධනවත් සිටු කුමරිය, අපෝස්තුළුවරුන්ගේ මරියා යන නමින්, අප නිකායේ ප‍්‍රථම කන්‍යා සොයුරිය වීමෙන්ය.

ඉතිහාසයෙන් බිඳක් -

මිනිස් ජීවිත වලට විශාල බලපෑමක් ඇති කරමින් 19 ශත වර්ෂය ජර්මනිය තුළ ආර්ථික, දේශපාලන, සමාජීය සහ ආගමික විපර්යාසයන් රාශ‍්‍රීයක් ඇති වූ යූගයක් විය. ඒ වෙනස් වීම් මිනිස් ජීවිත වල වර්ධනයට කිසිසේත් හිතකර නොවුන බව අපි දනිමු.

දිව්‍යගැළවුම්කාරයාණන්ගේ පැවදි නිකාය බිහිකළ තෙරේසා වොන්වූලන්වෙබ ජර්මනියේ උපත ලැබුවේ මේ කාලය තුළය.(1833.02.19)